අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

මාස 5කට පසු රුසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයෝ හතළිස් දහසක්

මාස 5කට පසු රුසියාවේ දෛනික කොවිඩ් ආසාදිතයෝ හතළිස් දහසක්

(ගීත් තරුක) ගෝලීය කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තියෙන් රුසියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පමණක් එරටින් වාර්තා වූ නව ආසාදිතයන්ගේ ප්‍රමාණය හතළිස් දහසක්…

(ගීත් තරුක) 

ගෝලීය කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තියෙන් රුසියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පමණක් එරටින් වාර්තා වූ නව ආසාදිතයන්ගේ ප්‍රමාණය හතළිස් දහසක් බවත්, එය පසුගිය මාර්තු මස 14 වැනිදායින් පසු රුසියාවේ වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව බවත් රුසියාවේ ටාස් පුවත් සේවය වාර්තා කළේය.

කොවිඩ් මරණ 69ක් ද පෙරේදා වාර්තා වී ඇතැයි රුසියාවේ කොවිඩ් මර්දන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න