අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාර්තු 09 ඉදන් විදුලිබල මණ්ඩලයක් නෑ - තියෙන්නේ සමාගම් 6ක්

මාර්තු 09 ඉදන් විදුලිබල මණ්ඩලයක් නෑ - තියෙන්නේ සමාගම් 6ක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැසට් එක නිකුත් වේ ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි…

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැසට් එක නිකුත් වේ 

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත. 

ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසා ඇති බව සඳහන්ය.

ඒ අනුව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ (නිශ්චිත වගන්ති කිහිපයක් හැර) සෙසු ප්‍රතිපාදන 2026 මාර්තු 9 වන දින සිට බලාත්මක වන අතර, එමඟින් ලංකා විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න