මහින්දට සහය නොදෙන බවට හකීම්-රිෂාඩ් අල්ලා දෙවියන් හමුවේ දිවුරති..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

සිය මන්ත්රීන් රැක ගන්න මධ්යම රාත්රියේම මක්කම ගිහින්..! (උපුල් බණ්ඩාර ) ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසයේ නායක රවුෆ් හකීම් සහ ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් ඇතුළු එම…
සිය මන්ත්රීන් රැක ගන්න මධ්යම රාත්රියේම මක්කම ගිහින්..!
(උපුල් බණ්ඩාර )
ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසයේ නායක රවුෆ් හකීම් සහ ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් ඇතුළු එම දේශපාලන පක්ෂවල මන්ත්රීවරුන් දොළොස් දෙනා ඊයේ (08) මධ්යම රාත්රියේ මක්කම බලා පිටත්ව ගියහ.
රවුෆ් හකීම් සහ රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම දිවයිනින් මෙසේ හදිසියේම පිටත්ව ගියේ දේශපාලන පක්ෂ කඩා මන්ත්රීවරුන් සිය පිලට බිලී බා ගැනීමේ මහින්ද රාජපක්ෂ පාර්ශවයේ කුමන්ත්රණයෙන් ගැළවීම සඳහාය.
එහිදී ඔවුහූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව ආණ්ඩුවට සහය පළ නොකරන බවට මක්කම ශුද්ධ භූමියේදී අල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ දිවුරා ප්රතිඥා දෙති.
එම ආගමික වතාවත්වලින් අනතුරුව රවුෆ් හකීම් සහ රිෂාඩ් බද්යුදීන් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම මේ මස දොළොස් වෙනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
