අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

මද්‍රසා පුස්තකාලයේ දරුවෙක් මුත්‍රා කළාට මරණ දඬුවම යුක්ති සහගතද?

මද්‍රසා පුස්තකාලයේ දරුවෙක් මුත්‍රා කළාට මරණ දඬුවම යුක්ති සහගතද?

අට හැවිරිදි හින්දු පිරිමි ළමයෙක්..! අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ ළාබාලතම පුද්ගලයා..! හින්දු කෝවිලකටත් පහර දෙයි..! (හේමන්ත තුසිත කුමාර) අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ ළාබාලතම පුද්ගලයා බවට පත් වෙමින් අට…

අට හැවිරිදි හින්දු පිරිමි ළමයෙක්..!

අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ ළාබාලතම පුද්ගලයා..!

හින්දු කෝවිලකටත් පහර දෙයි..!

මද්‍රසා පුස්තකාලයේ දරුවෙක් මුත්‍රා කළාට මරණ දඬුවම යුක්ති සහගතද?

(හේමන්ත තුසිත කුමාර)

අපහාස කිරීමේ චෝදනාවට ලක් වූ ළාබාලතම පුද්ගලයා බවට පත් වෙමින් අට හැවිරිදි හින්දු පිරිමි ළමයෙක් නැගෙනහිර පාකිස්තාන පොලිස් අත් අඩංගුවට පත් වේ.

පසුගිය මාසයේදී මුස්ලිම් ආගමික පොත් තබා තිබූ මද්රාසා පුස්තකාලයේ කාපට් මත හිතාමතාම මුත්‍රා කළ බවට මෙම දරුවාට චෝදනා එල්ල වී තිබේ. අපහාස කිරීමේ චෝදනා යටතේ (දේව අපහාසය හා සම්බන්ධ) චෝදනා ගොනු කර ඇති අතර එයට දඬුවම ලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකිය.

දැන්වීම

හෙළි නොකළ ස්ථානයක සිට කතා කරමින් පිරිමි ළමයාගේ පවුලේ සාමාජිකයෙක් කියා සිටියේ  එවැනි අපහාස කිරීම් ගැන ළමයා නොදන්නා අතර ඔහුට  මෙලෙස බොරුවට චෝදනා කරන බවය. ඔහුගේ අපරාධය කුමක්ද කියාවත් ඔහු සතියක් සිරගත කළේ ඇයිද යන්නවත් ඔහුට තවමත් වැටහී නොමැති බවත් පවුලේ සාමාජිකයා පවසා ඇත.

පිරිමි ළමයාගේ පවුල සැඟවී සිටින අතර පසුගිය සතියේ පිරිමි ළමයා ඇප මත මුදා හැරීමෙන් පසු මුස්ලිම් ජන සමූහයක් විසින් හින්දු කෝවිලකට පහර දීමෙන් පන්ජාබ් හි රහිම් යාර් ඛාන් හි කොන්සර්වේටිව් දිස්ත්‍රික්කයේ හින්දු ප්‍රජාවගෙන් බොහෝ දෙනෙක් සිය නිවෙස් අතහැර පලා ගියහ. තවදුරටත් ඇති වූ නොසන්සුන්තාවය මැඩ පැවැත්වීම සඳහා ආරක්ෂක භට පිරිස් ද  එම ප්‍රදේශයට යොදවා තිබුණි.

අපහාස කිරීමේ චෝදනා(දේව අපහාසය හා සම්බන්ධ) යටතේ වැරදි කරු වුවහොත් එයට දඬුවම  මරණ දඬුවම වන අතර දරුවෙකුට එරෙහිව අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීම නීති විශාරදයින් කම්පනයට පත් කර ඇති අතර එම පියවර පෙර නොවූ විරූ දෙයක් බව පවසයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
මද්‍රසා පුස්තකාලයේ දරුවෙක් මුත්‍රා කළාට මරණ දඬුවම යුක්ති සහගතද? | Lanka Newsweek