මතුගම සමුපකාරයේ බහුතර බලය සජබ ප්‍රධාන විපක්ෂය අල්ලයි

සභිකයින් සිය දෙනාගෙන් බහුතරය සජබ ප්‍රධාන විපක්ෂයට මතුගම සජබ ප්‍රධාන සංවිධායක වෛද්‍ය ශෝබාත් විජේරත්න තහවුරු කරයි කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ…
සභිකයින් සිය දෙනාගෙන් බහුතරය සජබ ප්‍රධාන විපක්ෂයට
මතුගම සජබ ප්‍රධාන සංවිධායක වෛද්‍ය ශෝබාත් විජේරත්න තහවුරු කරයි

කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට හිමිවී තිබේ.
ආණ්ඩු පක්ෂය පරාජය කරමින් මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ බහුතර බලය සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය අත්පත් කර ගත් බව සමගි ජන බලවේගයේ මතුගම ආසනයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය ශෝබාත් විජේරත්න මහතා තහවුරු කළේය.
ඒ අනුව ප්‍රාදේශික 46ක් ආවරණය වන පරිදි මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ නියෝජිතයන් ලෙස තෝරා පත් කර ගැනුණු සභිකයින් සිය දෙනා අතරින් බහුතරය සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය හිමි කර කර ගෙන සිටින බව ද මතුගම ප්‍රධාන සංවිධායක වෛද්‍ය ශෝබාත් විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය. .