අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

බදු අවම කළ මෙහෙයුමට උරදුන් තානාපති මහින්ද ට ආශීර්වාද පිංකම් වැලක්..!

බදු අවම කළ මෙහෙයුමට උරදුන් තානාපති මහින්ද ට ආශීර්වාද පිංකම් වැලක්..!

IMF සහාය ලංකාවට ලබාදීමේ පුරෝගාමියා ලෙසත් අගැයුමට ලක්වේ..! ජිනීවා මානව හිමිකම් චෝදනා වලට එරෙහිව සටන් කළ කණ්ඩායම් නායකයා ලෙසත් අගැයුමට..! (Ashoka Jayatunga) ඇමෙරිකාව විසින් ලංකාවට පැනවූ බදු 44% සිට 30%…

IMF සහාය ලංකාවට ලබාදීමේ පුරෝගාමියා ලෙසත් අගැයුමට ලක්වේ..!

ජිනීවා මානව හිමිකම් චෝදනා වලට එරෙහිව සටන් කළ කණ්ඩායම් නායකයා ලෙසත් අගැයුමට..!

(Ashoka Jayatunga)

ඇමෙරිකාව විසින් ලංකාවට පැනවූ බදු 44% සිට 30% දක්වාත් පසුව 20% දක්වාත් අවම කරගැනීමට ජනපතිගේ උපදෙස් මත අදාළ මෙහෙයුම දියත් කළ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට ආශීර්වාද කරන පිංකම් රැසක් මේ දිනවල ඇමෙරිකාවේ දී පැවැත්වේ.

වොෂින්ටන් DC විහාරයේ පැවති පිංකම උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක හා එම විහාරාධිපති මහරගම ධමිමසිරි නාහිමි ඇතුළු මහා සංඝරත්නය විසින් සිදු කළහ.

ලංකාව බංකොලොත්වී ඉතා අසීරු අඩියට පත්වූ අවස්ථාවේ IMF සමග සාකච්ඡා කොට එහි දූත පිරිසක් ලංකාවට යවා එවකට ජනපති හා සෙසු පිරිස් සමග එක්ව එම වැඩ පිළිලෙ ආරම්භ කිරීමේ පුරෝගාමියා ලෙස ද තානාපති මහින්ද සැලකෙන බව එහිදී අවධාරණය කෙරිණ. වොෂින්ටන් විහාරයේ පිංකමට මහා සංඝරත්නය ප්‍රමුඛ ලාංකිකයන් විශාල පිරිසක් ද එක්වූහ.

දැන්වීම

හෙගස්ටවුන් සම්බුද්ධාලෝක විහාරාධිපති ඇමෙරිකාවේ අධිකරණ සංඝ නායක මාතර කරපුටුගල ඉන්දරතන නාහිමි හා තානාපතිවරයා අතර පැවැති සූම් හමුව හරහා ද ආශීර්වාද කෙරිණ. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීම සදහා තීරණාත්මක යුද්ධය පැවැති සමයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හරහා ලංකාවට එල්ලවූ මානව හිමිකම් චෝදනා වසර 10 ක් පුරා සටන් කළ කණ්ඩායමේ නායකයා ලෙස ද ලංකාවේ පළමුවන මානව හිමිකම් ඇමති ලෙස ද තානාපති මහින්ද ලංකාවට ඉතිහාසගත සේවයක් ඉටුකල අයුරු එහිදී අවධාරණය කෙරිණ.

තවද රට බංකොලොත් වූ අවස්ථාවේ ඇමෙරිකාවෙන් ඩො මිලියන 60 ක ඖෂධ ඩො මිලි 50 ක පොහොර හා ආයෝජන ලබාදීමට තානාපති මහින්ද කටයුතු කිරීම ද කරපුටුගල ඉන්දරතන නාහිමියන්ගේ අගැයුමට ලක්වූහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බදු අවම කළ මෙහෙයුමට උරදුන් තානාපති මහින්ද ට ආශීර්වාද පිංකම් වැලක්..! | Lanka Newsweek