අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බණ්ඩාරවෙල නගරාධිපති අභවප්‍රාප්ත වෙයි..!

බණ්ඩාරවෙල නගරාධිපති අභවප්‍රාප්ත වෙයි..!

බණ්ඩාරවෙල මහ නගරසභාවේ නගරාධිපති නලින් ප‍්‍රියන්ත සූරියගේ මහතා අද (12) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප‍්‍රාප්ත වී ඇත. නලින් ප්‍රයන්ත මහතා රෝගාතුරවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ…

බණ්ඩාරවෙල මහ නගරසභාවේ නගරාධිපති  නලින් ප‍්‍රියන්ත සූරියගේ මහතා අද (12)  උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප‍්‍රාප්ත  වී ඇත.

නලින් ප්‍රයන්ත මහතා රෝගාතුරවීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ පසුව මෙලෙස හදිසියේ මිය ගොස් ඇත. මිය යනවිට ඒ මහතා 61 වන වියේ පසු විය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බණ්ඩාරවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩාමක් යටතේ තරඟ කළ ඒ මහතා   බණ්ඩාරවෙල මහ නගර සභාවේ ඡන්ද කොට්ඨාස දහයම ජයග‍්‍රහණය කර  මහ නගර සභාවේ නගරාධිපති ලෙස පත්විය. නලීන් ප්‍රියන්ත මහතාගේ අවසන් කටයුතු සෙනසුරාදා (15)  පස්වරු 2.00 බණ්ඩාරවෙල මහ නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිතයි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
බණ්ඩාරවෙල නගරාධිපති අභවප්‍රාප්ත වෙයි..! | Lanka Newsweek