අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

සෞඛ්‍ය

පිළිකාවට තිත

පිළිකාවට තිත

රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් වාර්තා කර ඇත. මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ…

රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් වාර්තා කර ඇත.

මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බව රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂක ප්‍රකාශ කර ඇත. මෙම එන්නත පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගයෙන් නිපදවා ඇති අතර 2025 වසරේ මුල් භාගය වන විට මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශිතය.

මේ එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් මගින් එය පිළිකා වර්ධනය සහ විභව මෙටාස්ටේස් මර්දනය කරන බව පෙන්වා දී ඇති බවද වාර්තා වේ. ශතවර්ෂයේ සොයාගැනීම, යැයි පැවසිය හැකි සොයා ගැනීමක් ලෙස රුසියානු රජය තමන් විසින් ම පිළිකා මර්දනයට නිපද වූ එන්නත හඳුන්වා දී ඇත.

(අමිල කුරේ)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න