පාසැල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් සඳහා වවුචර් පත් වෙනුවට රෙදි..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

පාසැල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබා ගැනීමට නිකුත් කළ වවුචර් පත් වෙනුවට නැවතත් නිල ඇඳුම් ලබා දීම සඳහා අධ්යාපන සහ උසස් අධ්යාපන අමාත්යංශය කටයුතු කරමින් සිටියි. පාසැල් සිසුන්ට යළිත් නිල ඇඳුම් රෙදි ලබා…
පාසැල් සිසුන් සඳහා නිල ඇඳුම් ලබා ගැනීමට නිකුත් කළ වවුචර් පත් වෙනුවට නැවතත් නිල ඇඳුම් ලබා දීම සඳහා අධ්යාපන සහ උසස් අධ්යාපන අමාත්යංශය කටයුතු කරමින් සිටියි.
පාසැල් සිසුන්ට යළිත් නිල ඇඳුම් රෙදි ලබා දෙන ලෙස කළ ඉල්ලීම් රැසක් සලකා බැලීමෙන් අනතුරුව මේ පියවර ගත් බව එහි ලේකම් පත්මසිරි ජයමාන්න මහතා ප්රකාශ කර සිටියි.
මේ වන විට මේ පිළිබඳව අධ්යයනය සඳහා අමාත්යංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු පත් කර ඇති බව ද ඔහු පැවසුවේය.
තවද මේ සඳහා කඩිනමින් අදාළ තීරණ ලබාදෙන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇති ඇත.
මේ මාසය තුළ පාසල් සිසුන්ට ලබන වසරට අදාළ නිල ඇඳුම් වවුචර්පත් හෝ රෙදි ලබාදිය යුතුව තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1