අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට..!

නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට..!

(නිලන්ති චන්ද්‍රසේන) දූෂණ චෝදනාවන්ට වරදකරු වී වසර 10ක සිර දඬුවමකට නියමව සිටින පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට පැමිණෙමින් සිටියි. හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වන…

(නිලන්ති චන්ද්‍රසේන)

දූෂණ චෝදනාවන්ට වරදකරු වී වසර 10ක  සිර දඬුවමකට  නියමව සිටින පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්  ලන්ඩනයේ සිට පකිස්ථානයට පැමිණෙමින් සිටියි.

හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වන මරියා යන දෙදෙනාම මෙලෙස  ලන්ඩනයේ සිට ලාහෝර් වෙත පැමිණි වහාම අත්අඩංගුවට ගැනෙණු ඇති බව විදේශ වාර්තාවන් ප්‍රකාශ කර සිටි.

තමන්ට කුමන චෝදනා එල්ල වුවත්, සිරමැදිරිය හිමි වුවත් තමන්  පකිස්ථානයට යන බව හිටපු අගමැති නවාස් ෂරීෆ් ලන්ඩනයෙන් පිටවීමට පෙර පවසා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

පකිස්ථානයේ වසර 3ක්  අගමැති ධූරය හෙබවූ නවාස් ෂරීෆ්  බලයෙන් පහ කෙරුනේ පසුගිය වසරේදිය. ඒ ඔහුට විරුද්ධව එල්ල වී තිබු  එරෙහි දූෂණ චෝදනා විමර්ශනවලින් අනතුරුව ය.

ඒ, ලන්ඩන් නුවර පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ 04ක හිමිකාරිත්වය සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ සම්බන්ධයෙන් ඔහු වරදකරුවෙකු වීම හේතුවෙනි.

ඒ සඳහා හිටපු අගමැති නවාස් ෂරීෆ්ට පකිස්ථාන දූෂණ විරෝධී අධිකරණය මගින් 10 වසරක සිර දඬුවම් නියම කෙරුනේ ඔහු රටින් පිටවී සිටියදීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට..! | Lanka Newsweek