අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ අද වැඩ භාරගනී..!

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ අද වැඩ භාරගනී..!

ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (29) නිල වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතය. අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කළේ,…

ශ්‍රී  ලංකා ප‍්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 22 වන අග‍්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද  (29) නිල වශයෙන් වැඩ භාර ගැනීමට නියමිතය.

අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කළේ, අද  උදෑසන 11.00 ට අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී නව අග්‍රාමාත්‍යවරයා වැඩ භාර ගැනීමට නියමිත බවයි.

 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යධුරයට පත් කරනු ලැබුවේ  සිකුරාදා (26) වැනිදාය.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න