නයිජිරියානු පාර්ලිමේන්තුවේ සෙන්කෝලය රැගෙන පිරිසක් පළා යති

(තෙහංසා ලිසෑන්) නයිජිරියානු පාර්ලිමේන්තුවට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එහි තිබු සෙංකෝලය රැගෙන පළා ගොස් තිබේ. විදේශ මාධ්‍ය සඳහන් කරන පරිදි මෙම පිරිස පෙහෙයවා ඇත්තේ සිය මන්ත්‍රී ධුරය අත්හිටවූ…
(තෙහංසා ලිසෑන්)
නයිජිරියානු පාර්ලිමේන්තුවට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පිරිසක් එහි තිබු සෙංකෝලය රැගෙන පළා ගොස් තිබේ.
විදේශ මාධ්‍ය සඳහන් කරන පරිදි මෙම පිරිස පෙහෙයවා ඇත්තේ සිය මන්ත්‍රී ධුරය අත්හිටවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසිනි.පාර්ලිමේන්තුවට කඩා වැදුණු මෙම මන්ත්‍රීවරයා සෙන්කොලය රැගෙන යාම නිසා එම අවස්ථාවේ සභාව ඉතා උණුසුම් වී ඇත.
දැන්වීම
වලංගු සභාවාරයක් පැවැත්වීමට නම් ,පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සෙන්කෝලයක් තිබීම අනිවාර්ය වේ. මෙම සිද්ධියෙන් අනතුරුව සභාවට වෙනත් අමතර සෙන්කෝලයක් රැගෙන ඒමෙන් පසුව එදිනට නියමිතව තිබු සභාවාරය පවත්වා අවසන් කර ඇති බව විදේශ මාධ්‍ය පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන නයිජිරියානු හමුදාව මෙම මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට මේ වන විටත්මෙහෙයුම් දියත් කර ඇති බව විදේශ මාධ්‍ය සඳහන් කරයි.