දියතලාව-කහගොල්ල ප්රදේශයෙන් T56 උණ්ඩ 152ක් සහ හිස් පතොරම් කොපු 8ක්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ඊයේ දිනයේදී සිදු වූ පිපිරීම්වලට අදාළව අද (22) සිදු කළ මෙහෙයුම්වලදී T-56 උණ්ඩ 152 ක් සහ මිලිමීටර 9 පිස්තෝල සඳහා භාවිත කරන හිස් පතොරම් කොපු 08 ක් ගුවන් හමුදා පොලිසිය විසින් සොයාගෙන ඇත. අදාළ උණ්ඩ තොගය…
ඊයේ දිනයේදී සිදු වූ පිපිරීම්වලට අදාළව අද (22) සිදු කළ මෙහෙයුම්වලදී T-56 උණ්ඩ 152 ක් සහ මිලිමීටර 9 පිස්තෝල සඳහා භාවිත කරන හිස් පතොරම් කොපු 08 ක් ගුවන් හමුදා පොලිසිය විසින් සොයාගෙන ඇත.
අදාළ උණ්ඩ තොගය සොයා ගෙන තිබෙන්නේ දියතලාව - කහගොල්ල ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමකින් බව ගුවන් හමුදා මාධ්ය අංශය පවසයි.
මෙහිදී පියෙකු සහ පුතෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර එම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා දියතලාව පොලිස් ස්ථානය වෙත භාර දි ඇත.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1