දරුවන්ගේ අයිතිය සුරක්ෂා කරන්න නම් දෙමාපියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කළ යුතුයි

- විපක්ෂ නායක - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් දරුවන්ගේ සුබසාධනය උදෙසා ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් විපක්ෂයේ ද අනුමැතිය හා සහයෝගය ලබා දෙන බවත් අප රටේ දරු පරපුරට නීරෝගී ජන ජීවිතයක්…
- විපක්ෂ නායක -
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් දරුවන්ගේ සුබසාධනය උදෙසා ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධයෙන් විපක්ෂයේ ද අනුමැතිය හා සහයෝගය ලබා දෙන බවත් අප රටේ දරු පරපුරට නීරෝගී ජන ජීවිතයක් නිර්මාණය වුවහොත් පමණක් නිසි පෝෂණයක් ලැබුණහොත් පමණක් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා වන බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හා රජය අනුමත කරමින් සංඛ්‍යා ලේඛන ගණනාවක් පදනම් කර ගෙන ප්‍රතිපත්ති සකස් කළත් මේ තුළින් දරුවන්ගේ අයිතිය සුරක්ෂිත වීම නොව ළමා හා මාතෘ මන්දපෝෂණය පවුලේ මන්දපෝෂණය වැඩිවන බවත් විපක්ෂ නායකවරයා බ්‍රහස්පතින්දා (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දරුවන්ගේ අයිතිය සුරක්ෂා කරන්න නම් දෙමාපියන්ගේ ජීවනෝපාය ශක්තිමත් කළ යුතු බවත් මේ සඳහා රජය මැදිහත් වී ජනතාව මුහුණ දෙන බරපතළ ගැටලුවලට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රු. 17315කින් දින 30ක් ජීවත් වෙන්න පුළුවන්ද..?
ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2026 මැයි මාසයේ එක් පුද්ගලයකුට දින 30ක් ජිවත් වෙන්න රු. 17315ක් ප්‍රමාණවත් බව පවසන බවත් ඇත්ත වශයෙන්ම එය කළ නොහැකි දෙයක් බවත් මෙවැනි වැරදි තොරතුරු මත පදනම්ව නිර්මාණය වන සංඛ්‍යා ලේඛන හරහා දරුවන්ගේ නීරෝගී ජන ජීවිතයට ඇති අයිතිය උල්ලංඝනය වන බවත් එය දරුවන්ට මව්වරුන්ට කරන අසාධාරණය බවත් එය කාන්තාවන්ට හා තරුණයන්ට සේම සමස්ත ලක්ෂ 220ක් ජනතාවටම කරන අසාධාරණයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
රජය ගොඩදාන වැලිවලින්ම නැවත වරක් කිරින්ද ධීවර වරාය පිරිලා
දෙමාපියන්ගේ ජිවනෝපාය අඩපණ වන විට දරුවන්ගේ අයිතිය සුරක්ෂිත වන්නේද කියා ගැටලුවක් ඇති බවත් කිරින්ද වරායේ ධීවර රැකියාවේ නියැලෙය දහස් ගණනක් ධිවරයන් සිටියත් මේ වන විට කිරින්ද ධීවර වරායේ වැඩකටයුතු අඩපණ වී ඇති බවත් දහස් ගණනක් ජීවනෝපය ලබා ගත් ඒ වරාය ගොඩ වී ඇති බවත් රජය වැලි ඉවත් කරන්න කෝටි ගණනක් මුදල් ගෙව්වත් ඒ ඉවත් කරන වැලි වරායේ එහා පැත්තේ ගොඩගැසීම නිසා නැවතත් ඒ වැලි වරයේ ගොඩවන බවත් මොවුන්ගේ අදායම් නැති වන විට පවුලේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන්නේ කෙසේද කියා ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අදටත් ඊශ්‍රායාල් රැකියා සිහිනය බොඳ වෙලා. තවම විසඳුම් නෑ
තරුණ තරුණියන් දහදහස් ගණනින් ඊශ්‍රායල් ගොස් හොඳ ආදායමක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත් මෙය රටේ ආර්ථිකයට පවා ශක්තියක් වුවත් අද වන විට ඊශ්‍රායල් යවන රාජ්‍ය අතර ක්‍රියාත්මක වැඩසටහන අකර්මන්‍ය වී ලක්ෂ 4න් යා හැකි ගමන ලක්ෂ 45 දක්වා පෞද්ගලික අංශයට ගෙවීමට සිදුව ඇති බවත් ඉන්දියාව කෙළින්ම ඊශ්‍රායලයට ශ්‍රමිකයන් යවන්නේ රජයේ හරහා වුවත් අද ලංකාවේ 92%ක් යන්නේ පෞද්ගලික ආයතන හරහා විශාල මුදලක් ගෙවා බවත් මේ නිසා තරුණ පරපුර අසරණ වී විදේශ රැකියා සිහිනය බොදවී ඇති බවත් පොලිස් වාර්තා, වෛද්‍ය වාර්තා අරගෙන පොරොත්තු ලේඛනයේ 3442ක් සිටින බවත් මේ ටික යවා ගන්න රජයට නොහැකි වී ඇති බවත් අති මහත් බහුතරයක් තරුණ පරපුර පෞද්ගලික අංශයේ ගොදුරු බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වී කිලෝවට සාධාරණ මිලක් දැන්වත් දෙන්න
දිනපතාම මේ පාර්ලිමේන්තුවේ ගොවි ගැටලු ගැන කතා කළ නිසා දැන් රජයට අනුකම්පාවක් ඇති වී වී මිලදී ගැනීමට අමතර මුදලක් මුදල් කාරක සභාවේ අනුමැතියට යොදවා ඇති බවත් රු. බි. 7.5ක් යෙදවීම හොඳ දෙයක් වුවත් මෙය සමස්ත විසඳුම නොවන බවත් වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක පිරිවැය ආවරණය වන වී කිලෝවට සාධාරණ මිලක් ලබා දීම අවශ්‍ය බවත් වී මිලදී ගැනීමේ විධිමත් වැඩසටහනක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අම්බලන්තොට මහවැලි සංවර්ධන කලාපයේ අක්කර 10000ක වාරි ව්‍යාපෘතිය තුළ අපවාහන ඇල මාර්ග 3ක ජලය අතිරික්තයක් පැමිණිම තුළ මීටර් 250ක බැම්මක් ඉදි කිරීම නිසා මාස් කන්නයේ ගංවතුර තත්ත්වයක් නිර්මාණය වීමෙන් වී අක්කර දහස් ගණනක් පාලු වී යන බවත් මේ බැම්මට අයිතිකාරයෙක් දැන් නොමැති බවත් දැන්වත් මොවුන්ගේ ඉල්ලීමට කන්දී අඩි 5 දොරටු දෙකක් ලබා දී ජන ජිවිත සුඛිත මුදිත කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.