අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වම් පස මංතීරුවක් වසා දමයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වම් පස මංතීරුවක් වසා දමයි

(නිලන්ති චන්ද්‍රසේන) දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් පස මංතීරුවක් අද (01)සිට වසා තැබෙන බව මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශය පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙසේ වම්…

(නිලන්ති චන්ද්‍රසේන)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් පස මංතීරුවක් අද  (01)සිට වසා තැබෙන බව මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙසේ වම් පස මංතීරුවක් වසා තිබෙන්නේ  දිගුව සහ දැනට පවතින මාර්ගය ඒකාබද්ධ කිරීමේ ඉදිකිරීම් හේතුවෙනි.

වසා තිබෙන  කොටසේදී පමණක් දිශා දෙකටම ගමන් කරන වාහන දකුණු පස මංතීරුවෙන් ගමන් කළ යුතු වේ.

මේ මගින් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කරන බව ද මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටි.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වම් පස මංතීරුවක් වසා දමයි | Lanka Newsweek