දක්ෂිණ අධිවේගයේ අනතුරක්-විදේශිකයින් දෙදෙනෙක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (20) අලුයම කුරුඳුගහ හැතැප්ම ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම අනතුර සිදු වී ඇත්තේ කාර්මික…
(නිලන්ති චන්ද්රසේන)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (20) අලුයම කුරුඳුගහ හැතැප්ම ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම අනතුර සිදු වී ඇත්තේ කාර්මික දෝෂයකට ලක්ව නතර කර තිබූ ලොරියක වෑන් රථයක් ගැටීමෙන් බව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, 34 හැවිරිදි කාන්තාවක හා සිව් හැවිරිදි ළමයෙකි.
අනෙකුත් තිදෙනා මේ වන විට ඇල්පිටිය හා කළුතර නාගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1