අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තෙල් මිල පාලනයට රටවල් 32ක් එක්වී තෙල් සංචිත මුදා හැරීමට තීරණය කරයි

තෙල් මිල පාලනයට රටවල් 32ක් එක්වී තෙල් සංචිත මුදා හැරීමට තීරණය කරයි

IEA ඉතිහාසයේ විශාලතම තෙල් සංචිත මුදාහැරීමට සූදානම් වෙයි - වැඩිම දායකත්වය ඇමරිකාවෙන් ප්‍රශ්නෙත් හදලා විසඳුමත් දෙන ඇමරිකාව ලෝක වෙළඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බොරතෙල් මිල ස්ථාවර කිරීම සඳහා,…

IEA ඉතිහාසයේ විශාලතම තෙල් සංචිත මුදාහැරීමට සූදානම් වෙයි - වැඩිම දායකත්වය ඇමරිකාවෙන්

ප්‍රශ්නෙත් හදලා විසඳුමත් දෙන ඇමරිකාව

ලෝක වෙළඳපොළේ සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බොරතෙල් මිල ස්ථාවර කිරීම සඳහා, International Energy Agency (IEA) විසින් ඉතිහාසයේ විශාලතම හදිසි තෙල් සංචිත මුදාහැරීම සිදු කිරීමට යෝජනා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

විශේෂයෙන්ම The Wall Street Journal පුවත්පත අනාවරණය කර ඇති පරිදි, IEA සාමාජික රටවල් 32ක් එක්ව බොරතෙල් බැරල් මිලියන 400ක් පමණ ගෝලීය වෙළඳපොළට මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු කරමින් සිටී.

මෙය ක්‍රියාත්මක වුවහොත්, එය IEA ඉතිහාසයේ සිදු වන විශාලතම Strategic Oil Release එක ලෙස බවට පත්වනු ඇත.

දැන්වීම

සුපුරුදු පරිදි වැඩිම දායකත්වය ඇමරිකාවෙන්

මෙම හදිසි තෙල් සංචිත මුදාහැරීමේ වැඩසටහන තුළ වැඩිම දායකත්වය ලබා දීමට අපේක්ෂා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

මෙය ජාත්‍යන්තර විශ්ලේෂකයින් තමාම ගැටළු නිර්මාණය කර, ඒවා විසඳා වීරයා වීමේ ඇමරිකානු සම්ප්‍රදායේ තවත් දිගුවක් ලෙසද පෙන්වා දී ඇත.

IEA වැඩසටහන් තුළ සාමාන්‍යයෙන් විශාලතම Strategic Petroleum Reserve එක පවතින රට ලෙස ඇමරිකාව ප්‍රධාන දායකයා වන අතර, මෙවරත් වෙළඳපොළට මුදාහැරෙන තෙල් ප්‍රමාණයේ විශාල කොටසක් එරටින් ලබා දීමට ඉඩ තිබෙන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ඊට අමතරව Japan, Germany, France, United Kingdom සහ South Korea වැනි රටවල්ද මෙම ක්‍රියාවලියට දායක වීමට නියමිතය.

දකුණු කොරියාවද සූදානමින්

South Korea රජයද IEA සමඟ පැවැත්වෙන ජාත්‍යන්තර සාකච්ඡාවලට සක්‍රීයව සම්බන්ධ වී ඇති බව එරට බලශක්ති අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

දකුණු කොරියාව සතුව මේ වන විට බොරතෙල් බැරල් බිලියන 1.9ක් පමණ වන දැවැන්ත හදිසි තෙල් සංචිතයක් පවතින අතර, එය එරට දෛනික භාවිතය අනුව දින 200කට වැඩි කාලයක් සඳහා ප්‍රමාණවත් බව සඳහන් වේ.

IEA විසින් ගන්නා අවසන් තීරණය මත පදනම්ව, කොරියානු සංචිතයෙන් කොපමණ ප්‍රමාණයක් වෙළඳපොළට මුදා හරින්නේද යන්න තීරණය කිරීමට එරට රජය බලාපොරොත්තු වෙයි.

2022ට වඩා විශාල මුදාහැරීමක්

IEA රටවල් එක්ව අවසන් වරට විශාල තෙල් සංචිත මුදාහැරීමක් සිදු කළේ 2022දීය.

එය සිදු වූයේ Russian invasion of Ukraine ආරම්භ වූ අවස්ථාවේදී වන අතර, එවිට IEA රටවල් එක්ව බොරතෙල් බැරල් මිලියන 182ක් වෙළඳපොළට මුදා හැරියහ.

නව යෝජනාව ක්‍රියාත්මක වුවහොත් එය එම ප්‍රමාණයද ඉක්මවා යමින් බැරල් මිලියන 400කට ආසන්න මුදාහැරීමක් වනු ඇත.

ලෝක ආර්ථිකයට ඇති බලපෑම අඩු කිරීම අරමුණයි

බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ, ලෝක වෙළඳපොළේ තෙල් සැපයුමට ඇතිවන බාධා හේතුවෙන් මිල ඉහළ යාම ලෝක ආර්ථිකයට සෘජුවම බලපාන බැවින්, මෙවැනි සංචිත මුදාහැරීම් ගෝලීය වෙළඳපොළ ස්ථාවර කිරීමට භාවිතා කරන ප්‍රධාන උපක්‍රමයක් බවයි.

IEA සාමාජික රටවල් 32 අතර ඉදිරියේදී පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

IEA කියන්නේ මොකක්ද..?

International Energy Agency (IEA) ආරම්භ කරනු ලැබුවේ 1974 වසරේදීය. එය පිහිටුවීමට ප්‍රධාන හේතුව වූයේ 1973 Oil Crisis ලෙස හඳුන්වන ලෝක තෙල් අර්බුදයෙන් පසු බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමයි.

එදා සිට අද දක්වා IEA හි ප්‍රධාන අරමුණ වන්නේ ලෝකයේ බලශක්ති සැපයුමට ඇතිවන අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සාමාජික රටවල් අතර සහයෝගිතාව ගොඩනගා ගනිමින්, හදිසි අවස්ථාවලදී Strategic Petroleum Reserves භාවිතා කර ගෝලීය බලශක්ති වෙළඳපොළ ස්ථාවර කිරීමයි.

ඉතින් ඔයාලා මොකද හිතන්නේ..? මේ වැඩේ සාර්ථක වෙයි ද

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න