අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

තුන්වන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 6කට සිදුවූ දේ

තුන්වන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 6කට සිදුවූ දේ

(හේමන්ත තුසිත කුමාර) කොවිඩ් මර්දන එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබා ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 600,000 ක් පමණ දෙනා අතුරින් අතුරු ආබාධ ඇති වූ බව වාර්තා වූයේ 50 කටත් අඩු සංඛ්‍යාවක් බව ඊශ්‍රායෙල් සෞඛ්‍ය…

(හේමන්ත තුසිත කුමාර)

කොවිඩ් මර්දන එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබා ගත් ඊශ්‍රායල ජාතිකයින්ගෙන් 600,000 ක් පමණ දෙනා අතුරින් අතුරු ආබාධ ඇති වූ බව වාර්තා වූයේ 50 කටත් අඩු සංඛ්‍යාවක් බව ඊශ්‍රායෙල් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

වාර්තා වූ අතුරු ආබාධ රෝග ලක්‍ෂණ සියල්ලම කුඩා ඒවා බවත් එන්නත් කරන ස්ථානයේ වේදනාව, උණ සහ ඔක්කාරය වැනි - ඉක්මනින් පහව යන අතුරු ආබාධ පමණක් ඇතිවූ බවත් ඊශ්‍රායෙල් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

බූස්ටර් මාත්‍රාව ලබා දීම සඳහා ඊශ්‍රායෙල් රජය තවමත් මුල් අවධියේ සිටින අතර, තුන්වන මාත්රාවක් ලබා ගැනීම සඳහා දැනට සුදුසුකම් ලබන්නේ ප්‍රතිශක්තිකරණය අඩු ඊශ්‍රායෙල් ජාතිකයින්, සෞඛ්‍ය සේවකයින් සහ 60 ට වැඩි කණ්ඩායම් පමණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
තුන්වන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 6කට සිදුවූ දේ | Lanka Newsweek