අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් පහ කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රබල සාක්ෂි පවතින බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඩිමොක්‍රටික් පක්ෂ කමිටුව සදහන් කර සිටියි. ඒ අනුව මෙම දෝෂාභියෝගය…

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයෙන් පහ කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රබල සාක්ෂි පවතින බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඩිමොක්‍රටික් පක්ෂ කමිටුව සදහන් කර සිටියි.

ඒ අනුව මෙම දෝෂාභියෝගය කඩිනමින් ගෙන ඒමට කටයුතු කරන බව ඩිමොක්‍රටික් පක්ෂ කමිටුව පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මේ වන විටත් ඒ සඳහා සිය වාර්තාව සැළසුම්කර ඇති බව ඩිමොක්‍රටික් පක්ෂ කමිටුව ප්‍රකාශ කර සිටියි.

මීට පෙරද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මෙම දෝෂාභියෝගයද එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිදුවන මඩ ප්‍රචාරයක් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි.

මෙම දෝෂාභියෝග සිද්ධිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ස්ටෙෆනි ග්‍රිෂාම් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ඩිමොක්‍රටිකයින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි ව පවතින වැරදි පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට මුළුමනින්ම අසමත් වී ඇති බවයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න