අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

- ඩේ කෙයාර් - දරුවෙක් පොකුණකට වැටී මරුට

- ඩේ කෙයාර් - දරුවෙක් පොකුණකට වැටී මරුට

සඳුදා (09) , මාස 18 වයසැති කුඩා දරුවෙකු 'ඩේ කෙයාර්' සෙන්ටර් එකේදී කුඩා පොකුණකට වැටී මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් තෝරකොළයාය ප්‍රදේශයෙන් වාර්තා වේ. මැදමුලන කදමඩිත්ත ප්‍රදේශයේ පදිංචි අළුපොත ගමගේ එයෝන්…

සඳුදා (09) , මාස 18 වයසැති කුඩා දරුවෙකු 'ඩේ කෙයාර්' සෙන්ටර් එකේදී කුඩා පොකුණකට වැටී මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් තෝරකොළයාය ප්‍රදේශයෙන් වාර්තා වේ.

මැදමුලන කදමඩිත්ත ප්‍රදේශයේ පදිංචි අළුපොත ගමගේ එයෝන් ධීසර අවිනාත් නම් කුඩා දරුවෙකු 'ලිට්ල් පවර්' නම් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේදී සවස 5.30ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත. දරුවාගේ මව වන වික්‍රමසිංහ මධුෂ් දිල්හානි තම කුඩාපුතු දිවා සුරැකුම් මධ්‍යස්ථානයට බාරදී තමා රැකියාව කරන තෝරකොළයාය ඇගලුම් හලට ගොස් ඇත.

සවස 5,30 ට පමන දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාවගේ දැනුම් දීමකට අනුව මිද්දෙනිය කාරියමඩිත්ත රෝහලට ගොස් ඇති අතර රෝහලේදී තම කුඩාපුතු දියට ඇදවැටී ඇති බව දැනගෙන ඇත. මේ වනවිටත් දරුවා මියගොස් ඇතිබව හෙලිව ඇත. දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඇඹිලිපිටිය පොලිස් වසමේ පිහිටි නිසා මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ ඇඹිලිපිටිය පොලීසිය සිදුකරයි.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න