ජොනී තව දුරටත් බන්ධනාගාරයට..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය අද…
සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය අද (11) නියෝග කර ඇත.
ඒ, සැකකරුවන් කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
මෙම සැකකරුවන්ට ඇති චෝදනාව වන්නේ කුරුණෑගල සතොස ශාඛා කිහිපයකින් ලක්ෂ 50කට අධික භාණ්ඩ රැගෙන මුදල් නොගෙවා සිටීම වේ.
හෙට (12) දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1