ජපාන ආරක්ෂක ඇමති දිවයිනට
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ජපාන ආරක්ෂක අමාත්ය ඉට්සුනෝරි ඔනොඩේරා මහතා දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමියේ ය. කටුනායක බනඩාරනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ, ඊයේ රාත්රි 10.10ට ඉන්දියාවේ දිල්ලි සිට පැමිණි ශ්රි ලංකන්…
ජපාන ආරක්ෂක අමාත්ය ඉට්සුනෝරි ඔනොඩේරා මහතා දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමියේ ය.
කටුනායක බනඩාරනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ, ඊයේ රාත්රි 10.10ට ඉන්දියාවේ දිල්ලි සිට පැමිණි ශ්රි ලංකන් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි.
ජපාන ආරක්ෂක අමාත්යවරයා සමග 19 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
මෙම සංචාරය තුළදී ජපාන ආරක්ෂක අමාත්යවරයා, රාජ්ය ආරක්ෂක අමාත්ය රුවන් විජේවර්ධන මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1