ජපන් විදේශ ඇමති-සභානායක විශේෂ හමුවක..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය කෙසුයුකි නකානේ මහතා ඇතුළු දුත පිරිස සහ පාර්ලිමේන්තුවේ සභානායක,රාජ්ය ව්යවසාය සහ වැඩ බලන විදේශ කටයුතු අමාත්ය ලක්ෂ්මන්…
ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය කෙසුයුකි නකානේ මහතා ඇතුළු දුත පිරිස සහ පාර්ලිමේන්තුවේ සභානායක,රාජ්ය ව්යවසාය සහ වැඩ බලන විදේශ කටයුතු අමාත්ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර විශේෂ හමුවක් අද (29) පැවැත්විණ.
ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්ය අමාත්ය කෙසුයුකි නකානේ මහතා ඇතුළු දුත පිරිසේ පළමු රාජ්ය තාන්ත්රික හමුව ලෙස පැවති මේ හමුව සිදු වූයේ කොළඹ ලෝක වෙළඳ මධ්යස්ථානයේ පිහිටි රාජ්ය ව්යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්ය කාර්යාලයේදීය
මෙහිදී දෙරට අතර ද්වි පාර්ශවීය රාජ්ය තාන්ත්රික, වෙළඳ සහ ආයෝජන කටයුතු ඇතුළු රාජ්ය තාන්ත්රික වශයෙන් වැදගත් කරුණු රැසක් සාකච්ඡාවට භාජනය විය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1