අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනතා ප්‍රශ්න පසෙක තබා රජය ඒකාධිපති ආඥාදායක් කරා යනවා

ජනතා ප්‍රශ්න පසෙක තබා රජය ඒකාධිපති ආඥාදායක් කරා යනවා

- විපක්ෂ නායක - එදා එක්තරා දේශපාලන නායකයෙක් වේදිකාවක නැග දැන් සැපද, හොඳ ද සුබවාදීද ලෙස ප්‍රශ්න කළ බවත් අද ජනතාව අපේක්ෂා කළ පොහොසත් රට සහ ලස්සන ජිවිතය අද බිහි වී ඇත් ද කියා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත්…

 - විපක්ෂ නායක - 

එදා එක්තරා දේශපාලන නායකයෙක් වේදිකාවක නැග දැන් සැපද, හොඳ ද සුබවාදීද ලෙස ප්‍රශ්න කළ බවත් අද ජනතාව අපේක්ෂා කළ පොහොසත් රට සහ ලස්සන ජිවිතය අද බිහි වී ඇත් ද කියා ජනතාවගෙන් ප්‍රශ්න කරන බවත් පොහොසත් රට බිහි වී ලස්සන ජීවිතය නිර්මාණය වී ඇත් ද කියා ප්‍රශ්න කරන බවත් මේ රජය කියන ආකාරයට පොහොසත් රටයි ලස්සන ජිවිතයයි නිර්මාණය වන්නේ ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට, කර්මාන්තකරුවන්ට ශක්තිය දී අධ්‍යාපනය හා සෞඛ්‍ය ශක්තිමත් කිරීමෙන් නොව අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් බවත් අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කළා කියා ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසදුම් ලැබෙනවාද කියා ප්‍රශ්න කර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කිරින්ද ධීවර වරාය ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.

දැන් මේ රජය රටේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න අමතක කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කර ඒකාධිපති පාලනයක් ස්ථාපිත කර රටේත් ලක්ෂ 220කගේත් පාලනය සියතට ගැනීමට උත්සාහ කරන බවත් ඒ සඳහා ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට යන බවත් එය අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් සේම ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටී නීතියේ ආධිපත්‍ය විනාශ වී යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය අකර්මන්‍ය වන බවත් එවිට රටේ ඒකාධිපති පාලනයක් එක පක්ෂයක් රටම පාලනය කරන යුගයක් බිහි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

කෝ දෙනවා කිව්ව සහන..?

මේ රජය ජනතාව කරපිට ගහන බදු අඩු කරන බවට, 33%කින් විදුලි බිල අඩු කිරීම වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බව පැවසුවත් අද වන විට මේ කිසිවක් නොමැති බවත් ගොවියාගේ උපකරණවලට සේම ධිවර උපකරණවලට පාසල් උපකරණවලට පවා වැට් බදු පනවන බවත් බදු පිට බදු ගසා අහිංසක රටේ ජනතාව අසීමිත ආර්ථික පීඩනයකට ලක් කරන බවත් රටේ ප්‍රතිපත්තිය නිසා ආර්ථිකය කුඩා වී මිනිසුන් සතුව මුදල් නොමැති බවත් ජිවත් වෙන්න නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කරන්න රජය කටයුතු කරනවා

රැකියා ප්‍රශ්නයට විසදුම් නොමැති බවත් කර්මාන්තශාලා බිහි කරනවා වෙනුවට කර්මාන්තශාලා රට අතහැර යන තත්ත්වයක් මතුව තිබෙන බවත් තරුණයන්ගේ මේ ගැටලුවලට රජයට විසදුම් නොමැති බවත් දුප්පත්කම 30-40%ක් වී ඇති නමුත් මේවාට උත්තර නැති වුවාට රට තුළ ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කරන්න රජය කටයුතු කරන බවත් රටේ සෑම ප්‍රශ්නයකට විසදුම ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කරනවා

වත්මන් රජය අධිකරණයේ ස්වාධිනත්වයට මරු පහරක් එල්ල කරන බවත් ජනතාවගේ සිතේ විනිසුරුවන් ගැන ඇති විශ්වාසය සහ පිළිගැනීම පවා මේ නිසා කඩවෙන බවත් මේ දේ කරන්න 2/3ට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බවත් දැන් රජයට මැදපෙරදිග යුද්ධය නිසා සිදුවන බලපෑම් පවා අමතක වී ඇති බවත් රජයේම අවධානය යොමුව ඇත්තේ කෙසේ හෝ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වැඩ කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට දියුණු කරන්න මේ රජයට වැඩ පිළිවෙළක් නෑ

අද ගොවිතැන දියුණු කරන්න ධීවර කර්මාන්තය දියුණු කරන්න තියා අධ්‍යාපනය හා සෞඛ්‍ය දියුණු කරන්නවත් රජයට නොහැකි වී ඇති බවත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම ඇතුළු කිසිදු වැදගත් ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක නොවන බවත් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මුදල් සංසරණය කරන වැඩපිළිවෙළක් කරා සමගි ජන බලවේග රජයක් තුළ රට යොමු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය ඉන්නේ හීන ලෝකයක

මේ වසරේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ ජීවත් වෙන්නේ රු. 17000ක් ප්‍රමාණවත් බවත් දින 30ක් ජිවත් වෙන්න මේ මුදල ප්‍රමාණවත් ද කියා අප ප්‍රශ්න කළ යුතු බවත් රජය ජීවත් වන්නේ සුරංගනා ලෝකයක බවත් ජනතාව මේ තොරතුරුවලින් සවිබල ගැන්විය යුතු බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න