ගොයම් කැපුවට රජය වී මිලදී නොගත්තත් රජයේ බෝඩ් එක නම් කුඹුරුවල ගහනවා

- විපක්ෂ නායක චෝදනා කරයි - වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට වී කිලෝවට රු. 150ක ස්ථාවර මිලක් ලබා දී එය නීතියක් ගත කරනවා කියා බලය ගත්තත් ඔවුන් බලයට පත් වී වසර 2ක් වනතුරු…
- විපක්ෂ නායක චෝදනා කරයි -
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරු විපක්ෂයේ සිටින විට වී කිලෝවට රු. 150ක ස්ථාවර මිලක් ලබා දී එය නීතියක් ගත කරනවා කියා බලය ගත්තත් ඔවුන් බලයට පත් වී වසර 2ක් වනතුරු තවමත් ඒ අණපනත් නොමැති බවත් අද වී කිලෝවක් නිෂ්පාදනයට රු.137ක් යන බවට කෘෂිකර්ම ඇමතිවරයාම පාර්ලිමේන්තුවේ දී පැවසු නමුත් අද සහතික වී මිල වන්නේ රු.120 බවත් මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණඩුව හිතාමතාම රු. 17ක් ගොවියාගේ වී කිලෝවෙන් පාඩු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද ගොයම් කැපුවත් රජය වී මිලදී නොගන්නා බවත් පසුගිය සිකුරාදා රු.මි.7500ක් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන්න මුදල් වෙන් කරත් අද වී මිලදී නොගන්නා නමුත් වී මිලදී ගන්න බෝඩ් ගම් ගසා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සත්කාරය වැඩසටහන යටතේ ගලේවෙල දේවාහුව 11 වසමේ සන්සෙත ප්‍රජප්‍රාමූල සංවිධානය තෙ රු ලක්ෂ 12ක් වටිනා ජල පිරිපහදු පද්ධතිය සහ ප්‍රති ආශ්‍රිත ජල පෙරණය ලබා දීමේ අවස්ථාව හා එක්වෙමිනි.
දැන්වීම
සහල් අතිරික්තයක් තිබියදි රටින් හාල් ගෙන්වන්නේ ඇයි..?
අප රටේ සහල් අවශ්‍යතාව මෙට්‍රක් ටොන් ලක්ෂ 25 වුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් බවත් මෙවැනි විශාල අතිරික්තයක් තිබියදි වත්මන් රජය මෙට්‍රික් ටොන් 382000ක සහල් රටින් ගෙන්වා ඇති බවත් එදා රටින් හාල් ගේද්දි මහපාරට බැස උද්ඝෝෂණය කළ මේ අය දැන් බලයට පැමිණ පිටරටින් සහල් ගෙනවිත් ගොවි ජනතාවට කළ හැකි උපරිම ද්‍රෝහිකම කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනතා ගැටලුවලට විසදුම් නොදි බොරුව පමණක් දිනෙන් දින රජ කරවනවා
රටේ සහල් නිෂ්පාදන අතිරික්තයක් තිබියදි රටින් සහල් ගෙන්වන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් වී,බඩඉරිඟු, අර්තාපල් ආදි සැම අංශයකම ගොවියා අනාථ වී තිබියදි රජයේ ප්‍රමුඛතාව හා විසදුම වීම ඇත්තේ ගරු විනිසුරුවරුන්ගේ විශ්‍රම යන වයස වැඩි කිරීම බවත් ගොයම් කකා රැවටිලි කරා සේ හැම ප්‍රශ්නයකටම විසදුම් නොදි බොරු කර කර රජකම් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
තුන් වෙනි වතාවටත් බොරුකාරයොන්ට රැවටෙන්න එපා
ඉදිරියේදී එල්නීනෝ ලානීනා තත්ත්වය නිසා ජල මූලාශ්‍ර පවා සිදී යා හැකි බවත් මෙවැනි ගැටලු මැද ජීවත් වෙන ජනතාවට සහන සැලසිය යුතු බවත් දැන්වත් තුන්වැනි වතාවටත් නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රටේ දුප්පත්කම එන්න එන්න වැඩිවෙමින් ඇති බවත් රටෙන් 30-40% දුප්පත් වී කර්මාන්ත ශාලා වැසී යන බවත් සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රය පමණක් හිස ඔසවමින් යන නිසා එය රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිදහසින් පසු විපක්ෂයක් ලෙස ජනතා සේවාවක් කළේ සමගි ජන බලවේගයයි
1948 නිදහසින් පසු විපක්ෂයේ සිටි කිසිදු පක්ෂයක් ජනතා සේවාවක් ඉටු නොකළ බවත් ජනතාවට සේවාවක් කළේ ආණ්ඩු බලය සහිත පාර්ශ්වය විසින් බදු ගෙවන්නාගේ මුදලින් බවත් විරුද්ධ පක්ෂයේ සිට ජනතා සේවාවක් ඉටු කළේ සමගි ජන බලවේගය වුවත් සමගි ජන බලවේගයට දැන් සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන චරිත ඝාතන කරන බවත් 2019, 2024 රැවටුනාට 2029 නම් සත්‍ය ජයගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.