අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළව යෝජනා ගැනීමට සජබය තේරීම් කාරක සභාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක…

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් යෝජනාවක් අඟහරුවාදා (04) අත්සන් තබන ලදි.

මේ යෝජනාවට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අත්සන් තබන ලද අතර එම යෝජනාව පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට භාර දීමට කටයුතු කෙරිණ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න