කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ සිසුන් එන්නත් කිරීම ඇරඹේ
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන සිකුරාදා(15) ආරම්භ වන අතර එමගින් කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ලබන…
(හේමන්ත තුසිත කුමාර)
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමේ වැඩසටහන සිකුරාදා(15) ආරම්භ වන අතර එමගින් කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ලබන සිසුන් 24000ක් එන්නත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව මෙවර පළමුවන වරට සහ දෙවන වරට උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට එන්නත ලබා දෙයි.එන්නත ලබාගැනීමට පැමිණෙන සියලු සිසුන් ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාව තහවුරු කළ හැකි ලේඛනයක් රැගෙන පැමිණීම අනිවාර්යය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1