කුලියාපිටිය ජනප්රිය පාසලක හෙරොයින් අලවි කළ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) කුලියාපිටියේ පිහිටි ජනප්රිය පාසලක ආරක්ෂකයක නිළධාරියෙක් පාසල් වේලාවේදී හෙරොයින් අලෙවි කරමින් සිටියදී අද (18) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන…
(නිලන්ති චන්ද්රසේන) කුලියාපිටියේ පිහිටි ජනප්රිය පාසලක ආරක්ෂකයක නිළධාරියෙක් පාසල් වේලාවේදී හෙරොයින් අලෙවි කරමින් සිටියදී අද (18) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පහළ ගල්පොල ඉලූක්හේන ලිපිනයේ පදිංචි නිරංජන් දීපාල් ද සිල්වා නැමැති 32 හැවිරිදි ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පුද්ගලයෙකි.
දිගින් දිගටම දෙමාපියන් විසින් සහ විවිධ පාර්ශව විසින් මෙලෙස පාසලේ සිසුන් අතර මත්ද්රවය බෙදා හරින ලද බවට තොරතුරු ලැබීමත් සමග දිගු කලක් තිස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව කුලියාපිටිය පොලිසිය කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අදාළ හෙරොයින් තොගය ද සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1