කාන්තාවකට පහරදුන් මන්ත්රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ ද්රවිඩ මුන්නේත්ර කලහම් පක්ෂයේ හිටපු ප්රාදේශීය මන්ත්රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත. කාන්තාවකට අමානුෂික ලෙස පැහැර දීමේ සිද්ධියක් මුල් කරගෙන මෙලෙස පක්ෂ…
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ ද්රවිඩ මුන්නේත්ර කලහම් පක්ෂයේ හිටපු ප්රාදේශීය මන්ත්රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
කාන්තාවකට අමානුෂික ලෙස පැහැර දීමේ සිද්ධියක් මුල් කරගෙන මෙලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත්තේ හිටපු ප්රාදේශීය සභා මන්ත්රී එස්. සෙල්වකුමාර් නමැති අයෙකුටයි.පසුගිය අගෝස්තු මාසයේ 10 වනදා පරම්බලූර් දිස්ත්රික්කයේ රූපලාවන්ය මධ්යස්ථානයකදී කාන්තාවකට පහරදෙන දර්ශන මේ දිනවල ඉන්දීය මාධ්ය ප්රසිද්ධියට පත්කර තිබේ.
ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ මෙම රූපලාවන්ය මධ්යස්ථානය හිමි කාන්තාව අදාළ ප්රාදේශීය දේශපාලනඥයාගේ දිගු කාලීන මිතුරියක් බවත් ව්යාපාරික කටයුතු සඳහා එස්.සෙල්වකුමාර් නමැති මෙම දේශපාලනඥයාගෙන් ආදාළ කාන්තාව මුදල් ලබාගෙන එම මුදල් ආපසු ලබාදීම ප්රමාද කිරීමේ ප්රශ්නයක් මත මෙම පහර දීම සිදු කර ඇති බවයි.
සිද්ධිය පිළිබඳව පොලිස් විමර්ශන ක්රියාත්මක වන අතර වාරයේ ද්රවිඩ මුන්නේත්ර කලහම් පක්ෂය සිදුකළ විමර්ශනයකින් පසුව මෙම දේශපාලඥයාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1