කරූගේ ශාසනික මෙහෙවරේ තවත් අදියරක්..!

අපවත් වී වදාළ ජයවර්ධනාරාම මහා විහාර නිර්මාතෘවර අතිගෞරවාර්හ මාදුලුවාවේ ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාභිධාන නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ , කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ශ්‍රීමත් මහානායක…
අපවත් වී වදාළ ජයවර්ධනාරාම මහා විහාර නිර්මාතෘවර අතිගෞරවාර්හ මාදුලුවාවේ ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාභිධාන නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ , කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ ශ්‍රීමත් මහානායක ඨානාන්තරය හොබවා වදාළ අතිගෞරවාර්හ දේවහන්දියේ ශ්‍රී සද්ධාතිස්සාභිධාන මහානායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ , කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශවයේ උපාධ්‍යාය ධූරය හොබවා වදාළ අතිගෞරවාර්හ දේවහන්දියේ පඤ්ඤාසේඛරාභිධාන නායක මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු වැඩසිට අපවත් වී වදාල සඟ සඟරුවන සිහිකරමින්, උන්වහන්සේලාට පින් අනුමෝදන් කරනු වස්, "ආදි කතෘ ගුණානුස්මරණ පිංකම" පසුගියදා හිටපු කතානායක ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

