කරුණානිධි අභාවප්රාප්ත වෙයි
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

ඉන්දියාවේ ජ්යේෂ්ඨතම දේශපාලනඥයෙකු වන ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්රාප්ත වී ඇත. ඔහු අභාවප්රාප්ත වී ඇත්තේ චෙන්නායිහි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර…
ඉන්දියාවේ ජ්යේෂ්ඨතම දේශපාලනඥයෙකු වන ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්රාප්ත වී ඇත.
ඔහු අභාවප්රාප්ත වී ඇත්තේ චෙන්නායිහි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී වන අතර මිය යන විට ඒ මහතා 94 වන වියේ පසු විය.
ඉකුත් ජූලි මස 28 වන දින එම මහතා රෝහල් ගත කොට ඇත්තේ රුධිර පීඩනය පහත වැටීම හේතුවෙනි.
දශක 06ක කාලයක් ක්රියාකාරී දේශපාලනයේ යෙදුණු ඒ මහතා පස් වරක් තමිල්නාඩු ප්රාන්තයේ ප්රධාන අමාත්ය ධූරය දැරිය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1