අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

එළොව ගිහින් මෙළොව පැමිණි ඇමෙරිකානු ඝගනගාමී ජෝඩුව..!

එළොව ගිහින් මෙළොව පැමිණි ඇමෙරිකානු ඝගනගාමී ජෝඩුව..!

(අශෝක ජයතුංග) දින 08 ක කෙටි අභ්‍යවකාශ චාරිකාවකට හා පරීක්ෂණ කටයුත්තකට අභ්‍යවකාශ ගතවූ විලමෝ(ර්) හා සුනීතා විලියම්ස් නම් වු ඇමෙරිකානු පිරිමියෙකුට හා කාන්තාවකට මාස 09 ක් යළි පෘතුවියට පැමිණීමට නොහැකිව…

(අශෝක ජයතුංග)


දින 08 ක කෙටි අභ්‍යවකාශ චාරිකාවකට හා පරීක්ෂණ කටයුත්තකට අභ්‍යවකාශ ගතවූ විලමෝ(ර්) හා සුනීතා විලියම්ස් නම් වු  ඇමෙරිකානු පිරිමියෙකුට හා කාන්තාවකට මාස 09 ක් යළි පෘතුවියට පැමිණීමට නොහැකිව පාවෙමින් සිටීමේ විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය.

ඒ ඔවුන්ට යළි පැමිණීමට තිබූ යානයේ බරපතල දෝෂ තත්වයක් ඇතිවීම හේතුවෙනි. එය ඇමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයඅමක් තුළ ඔවුන් මුහුණ දුන් දැවැන්තම අභියෝග වලින් ප්‍රධානම එකක් සේ සැලකින. නාසා හා  ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙන්ම ඇමෙරිකානු රජයේ ද දැඩි පරිශ්‍රමයක් මෙම දෙදෙනා යළි පෘතුවියට ගෙන්වා ගැනීමට ලබාදී තිබුණ ද ඒ සියලු කටයුතු අසාර්ථකවිය. ඒ අතරතුර අභ්‍යවකාශයේ පාවෙමින් එම දෙදෙනා රැගත් ෂටලය ලොව වටා 4600 වරක් ගමන් කොට තිබිණ. දෙදෙනාගේ ඇස් හා සෙසු ශරීරාංග විශාල ලෙස පරිවර්ථන වලට යොමුවෙම්න් පවතින බව ද සොයා ගැනින. කෙසේ නමුත් පසුගිය 18 වන අගහරුවාදා සියලු අභියෝග මැදින් Spece X crew dragon ෂටලය මගින් ඔවුන් යළි පෘතුවියට නිරුපද්‍රිතව ගෙන්වා ගැනීමට ඇමෙරිකානුත අභ්‍යවකාශ විද්‍යාඥයෝ සමත් වුහ. අත්ලන්තික් සාගරයට පතිත වූ ඔවුන් රැගත් ෂටලය ඇමෙරිකානු නාවුක හමුදා ජීවිතාරක්ෂක බෝට්ටුකට හා අනතුරුව නැවකට පටවාගෙන ඔවුන් දෙදෙනා විශේෂ සෞඛ්‍ය පරීක්ෂාවකට ලක්කිරීම සදහා රහසිගත ස්ථානයකට රැගෙන ගියබව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේය. 

තවද මොවුන් දෙදෙනා මාස 09 කට පසුව බේරාගැනීමට ලැබීම ඇමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුම් ලැබූ සුවිශේෂ ජයගුහණයක් බව ද කියවින. "අපට වෙනදා කරපු ශරීර ක්‍රියාකාරකම් කරන්නෙ කොහොමද කියල මතක නෑ. ඇවිදින හැටිත් කුඩා දරුවෙකුට වගේ මුල ඉදල පුරුදු වෙන්න වේවි" සුනීතා විලියම්ස් පෘතුවියට පය ගැසූ මොහොතේ උපන් දැඩි සතුට සමගින් පැවසූ බව ද මාධ්‍යවාර්තා කොට තිබිණ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න