එල්නීනෝ ලානීනා (El Nino-La Nina) බලපෑම් ඇතුළු පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡා අගනුවරින් බැහැර ගම් නියම්ගම් කරා ද ගෙන යා යුතුයි

- විපක්ෂ නායක - දේශගුණික හා කාලගුණික විපර්යාස හා පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡාවන් අගනුවරින් ඔබ්බට විහිදුවා ගම් මට්ටමින් මේ ගැන දැනුවත්භාවය ඇති කරන්නත් පරිසර ගැටලු හා අභියෝග ගැන ජනතාව දැනුවත් වීම…
- විපක්ෂ නායක -
දේශගුණික හා කාලගුණික විපර්යාස හා පාරිසරික සංරක්ෂණය සම්බන්ධ සාකච්ඡාවන් අගනුවරින් ඔබ්බට විහිදුවා ගම් මට්ටමින් මේ ගැන දැනුවත්භාවය ඇති කරන්නත් පරිසර ගැටලු හා අභියෝග ගැන ජනතාව දැනුවත් වීම අත්‍යාවශ්‍ය වී ඇති බවත් ප්‍රජා සහභාගීත්ව ප්‍රජා කේන්ද්‍රීය හා ප්‍රජා නායකත්ව පරිසර සංරක්ෂණය යනු අති සාර්ථක දෙයක් බවත් කාලගුණික හා දේශගුණික විපර්යාස වෙනස්වීම් හා ඒ තුළින් නිර්මාණය වන අභියෝගවලට මුහුණ දීමට මිනිස් ක්‍රියාකාරකම් වැදගත් නිසා ඒ සඳහා නායකත්වය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සාකච්ඡා අගනුවර කේන්ද්‍රීය පාර්ලිමේන්තුවේ සාකච්ඡාවලට සීමා නොකර ග්‍රාමීය නාගරික ප්‍රදේශවලට විහිදුවා ගම් නියම්ගම් සිසාරා දැනුවත් කිරීම සේම බිම් මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සිදුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී විදේශීය විශේෂඥ කණ්ඩායමක් සමග එල්නීනෝ ලානීනා (El Nino - La nina) කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමිනි. මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සම සභාපතීත්වය දරන මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා ද එක්විය.ඊට අමතරව මෙම ක්ෂේත්‍රය සම්බන්ධ ප්‍රවීණ මහාචාර්යවරයකු වන Ahimsa Campos-Arceiz මහත්මාද ද එක්විය.
දැන්වීම
මෙම සාකච්ඡා සහ දැනුවත් කිරීම් අගනුවරින් බැහැරව ගම් නියම්ගම් සිසාරා ගෙන යාම තුළින් පාරිසරික සංරක්ෂණය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදනයට සාමාන්‍ය ජනතාවට ද සහභාගී වීමේ අවස්ථාව හිමිවන බවත් එය සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය
එසේම එල්නීනෝ ලානීනා (El Nino La Nina) තත්ත්වය තුළ බරපතල ව්‍යාකූලත්වයක් නිර්මාණය වී ඇති බවත් මෙය අප රටට, පරිසර පද්ධතියට, ජෛව විවිධත්වයට, ශාක හා වෘක්ෂලතාවලට සේම සත්ව හා මිනිස් සම්පතට බලපාන ආකාරය සම්බන්ධයෙන් කරුණු රැසක් අවබෝධ කර ගත යුතු බවත් වන අලි මිනිස් ගැටුම අවම කිරිම, කොටියා සංරක්ෂණය ගැන විද්වත් සාකච්ඡාවක් හා යොමුවීම ගැන සතුටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.