එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව සියයට සියයයි-සැවොම එකට එක්ව ඊට මුහුණ දිය යුතුයි

- විපක්ෂ නායක පෙන්වා දෙයි - රටක ආණ්ඩුවක් විපක්ෂයක් සහ ලක්ෂ 220 ජනතාව සිටින නිසා මේ එල්නීනෝ ලානීනා වල බලපෑම සැමටම එක හා සමානව මුහුණ දීමට ඇති නිසා සියලු දෙනා එකට එකතු වී මේ භයංකාර තත්ත්වය මගහරවා ගැනිම…
- විපක්ෂ නායක පෙන්වා දෙයි -
රටක ආණ්ඩුවක් විපක්ෂයක් සහ ලක්ෂ 220 ජනතාව සිටින නිසා මේ එල්නීනෝ ලානීනා වල බලපෑම සැමටම එක හා සමානව මුහුණ දීමට ඇති නිසා සියලු දෙනා එකට එකතු වී මේ භයංකාර තත්ත්වය මගහරවා ගැනිම කටයුතු කළ යුතු බවත් දැන් එල්නීනෝ බලපෑම අද වන විට 100%වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එල්නීනෝ ලානීනා ගැන ජාත්‍යන්තර ආයතන කතා කරන්න පෙර දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය තුළ කතා කළ බවත් දැන් මේ නිසා සිදුවන අගතිගාමී බලපෑම ගැන සැවොම කතා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි.
දැන්වීම
රටේ මිනිස් සම්පත සතා සිව්පාවා ජෛව විවිධත්වය පරිසරය ආරක්ෂා කිරීම අතිශය වැදගත් ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවත් බවත් මිනිස් සම්පතත් වන සම්පතත් රැක ගැනීම ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ ජාතික ආරක්ෂක ප්‍රමුඛතා ඉලක්ක සම්පුර්ණ කර ගත යුතු බවත් භේදයකින් තොරව විනිවිදභාවයකින් යුක්තව ජාතික කථිකාවතක් කරා මුල පුරන බවත් ජාතික කථිකාවත් වැඩසටහනක් සඳහා දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය මුල පුරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඡන්දය නැති සතා සිව්පාවාද රැකගත යුතුයි
ජනතාව සේම ඡන්දයෙක් නොමැති සතා සිව්පාවාද රැක ගත යුතු බවත් එය මිනිස් සම්පතේ වර්තමානයට සහ අනාගතයට සේම මතු පරපුරට ද වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගෝලීය ආපදා අවදානම් ලැබුණු පසු ක්ෂණික ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය යි
සෑම අපදාවකදීම රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සුවිශේෂ මෙහෙයක් ඉටු කරන බවත් ඒ ආකාරයට පූර්ව ප්‍රතිචාර දක්වන ක්‍රමවේදයක් ද ස්ථිපිත කළ යුතු බවත් පූර්වයෙන් අවදානම් තත්ත්වයක් ලැබුණම එයට ප්‍රතිචාර දැක්වීමට ක්‍රමයක් සකස් කළ යුතු බවත් ගෝලීය අවදානම් දැනුම් දීමක් දුන් පසු ක්ෂණික ඉවත් කිරීමේ ක්‍රියාවලියක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය සැම මසකම දෙවතාවක් රැස්වන බවත් පරිසර කේන්ද්‍රීය තත්ත්වයන්ට මුල් තැන ලබා දෙමින් ජාතික න්‍යය පත්‍රය තුළ ප්‍රමුඛතාවක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පූර්ව ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් අවශ්‍යයි
එල්නීනෝ ලානීනා නිසා ගෝලීය හා දේශීයව සිදුවන බලපැම සොයා මිනිසාට වනයට පරිසරයට වන ජීවින්ට ජෛව විවිධත්වයට පානිය ජලයට වාරි ජලයට ආහාර අනාරක්ෂිතබාවය බලශක්ති අනාරක්ෂිත භාවයට සිදුවන බලපෑම් ගැන පෙර සූදානමක් තිබිය යුතු බවත් අප රටේ ආපදාවල දි පසු ප්‍රතිචාර පමණක් සිදු වන නමුත් අප රටට පූර්ව ආපදා ප්‍රතිචාරාත්මක වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.