අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එජාප 80 වැනි සංවත්සරයේ දී ඩී ඒ රාජපක්ෂට උපහාර..!

එජාප 80 වැනි සංවත්සරයේ දී ඩී ඒ රාජපක්ෂට උපහාර..!

එජාප ඉතිහාසයේ පළමු වතාවට වූ සිද්ධියක්..! රනිල්ගෙන් නාමල් ගැන විශේෂ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයේදී හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පියා සේම…

එජාප ඉතිහාසයේ පළමු වතාවට වූ සිද්ධියක්..!

රනිල්ගෙන් නාමල් ගැන විශේෂ ප්‍රකාශයක්  

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරයේදී හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ පියා සේම මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සීයා වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ඡායා රූපයකටද මල්මාලාවක් පළදවා උපහාර පිදීමට පියවර ගැනුණි. 

ඒ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (06) පැවති එම පක්ෂයේ 80 වැනි මහා සංවත්සරයේ දී වන අතර එහිදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ,  21 වැනි සිය වසට ගැළපෙන නවීන දේශපාලන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කර 2026 දෙසැම්බර් මාසයේ දී එළි දක්වන බවය.

එදා සිට මේ දක්වා පැවැති එක්සත් ජාතික පක්ෂයේ මහා සංවත්සර උත්සවවලදී කිසිදු අවස්ථාවක මේ ආකාරයට ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ඡායාරූපයකට මල්මාලා පළදවා ඔහුට උපහාර දැක්වීමක් සිදු නොවූ අතර මෙහි විශේෂත්වය වන්නේ එම විශේෂ උපහාර දැක්වීම, නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාර ගතව සිටින විට සිදු වීමය. 

එමෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සංවත්සර උළෙලට පෙර කළ කතාවේදීද රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පිළිබද විශේෂ සදහනක් සිදු කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න