උසස් පෙළ පෞද්ගලික පන්ති 31 දා මධ්යම රාත්රියෙන් අවසන්..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) මෙවර උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වන දා මධ්යම රාත්රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ මස 31 වෙනිදා මධ්යම රාත්රියෙන් පසු…
(නිලන්ති චන්ද්රසේන)
මෙවර උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වන දා මධ්යම රාත්රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ මස 31 වෙනිදා මධ්යම රාත්රියෙන් පසු පෞද්ගලික පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම සහ සම්මන්ත්රණ පැවැත්වීම තහනම් වන බව විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කරයි.
මෙවර අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා ආරම්භ වීමට නියමිත අතර එය සැප්තැම්බර් පළමු වන දා අවසන් වීමට නියමිතයි.
පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගය සඳහා විභාගයට පෙනී සිටීමට නියමිත ය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1