අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

උද්ධමනයට එරෙහිව එංගලන්ත ජනයා වීදි බසිති

උද්ධමනයට එරෙහිව එංගලන්ත ජනයා වීදි බසිති

(ශානිකා ශිරෝමාලි) උද්ධමනයට එරෙහිව සටන් කිරීමට කොන්සර්වේටිව් අගමැති බොරිස් ජොන්සන්ට බල කරමින් දහස් ගණනක ජනතාව පෙරේදා ලන්ඩන් නුවර දැවැන්ත උද්ඝෝෂණයකට එක් වු බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය යේ විශාලතම කම්කරු…

(ශානිකා ශිරෝමාලි)

උද්ධමනයට එරෙහිව සටන් කිරීමට කොන්සර්වේටිව් අගමැති බොරිස් ජොන්සන්ට බල කරමින් දහස් ගණනක ජනතාව පෙරේදා ලන්ඩන් නුවර දැවැන්ත උද්ඝෝෂණයකට එක් වු බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය යේ විශාලතම කම්කරු සම්මේලනය මේ උද්ඝෝෂණය සංවිධාන කර ඇත.

එරට කම්කරු පක්ෂයේ නායකයන් ද, තවත් සංවිධාන රැසක නියෝජිතයන් ද මේ උද්ඝෝෂණයට සහභාගි වී ඇති අතර, පෙළපාළිය ලන්ඩනයේ ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවෙස දක්වා පා ගමනින් ගමන් කර තිබේ.

උද්ගත වී ඇති උද්ධමනය තත්ත්වයට මුහුණ දීමට තරම් සේවකයන්ගේ වැටුප් වර්ධක මෙතෙක් රජයෙන් සිදු කර නැති බැවින් අගමැති ජොන්සන්ට දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න