අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

උතුරු කොරියානු නායකයා යළි උපදියි

උතුරු කොරියානු නායකයා යළි උපදියි

රට-ජනතාව හමුවේ පෙනී සිටියි ලෝකයේ සැක සංකා දුරු කරයි (ජෝෂප් ඩයස්) ලොව පුරා පුවත් මවමින් පුරා දින 20 ක් මුළුල්ලේ ආගිය අතක් සහ කිසිදු ආරංචියක් නොමැතිව දැඩි නිහඩතවයකින් පසු වූ උතුරු කොරියානු නායක කිම්…

රට-ජනතාව හමුවේ පෙනී සිටියි 

ලෝකයේ සැක සංකා දුරු කරයි 

උතුරු කොරියානු නායකයා යළි උපදියි

(ජෝෂප් ඩයස්)

ලොව පුරා පුවත් මවමින් පුරා දින 20 ක් මුළුල්ලේ ආගිය අතක් සහ කිසිදු ආරංචියක් නොමැතිව දැඩි  නිහඩතවයකින් පසු වූ උතුරු කොරියානු නායක කිම් ජෝඋන් යළි ප්‍රසිද්ධියේ පෙනී සිටීමේ දර්ශන එරට රාජ්‍ය මාධ්‍ය ආයතන විසින් මේ වන විට විසුරුවා හරිනු ලැබ තිබෙන්නේ මුළු ලෝකයම කළ ප්‍රශ්න කිරීම්වලට විසඳුම් දෙමින් සහ සැක නැති කරමින්ය.

ලෝක කම්කරු දිනයට හෙවත් මැයි දිනයට සමගාමීව සෙනසුරාදා (02) එරට පැවති විශේෂ උත්සවයකට සහ පොහොර නිප්ෂ්පදන කර්මාන්ත සංකීර්ණයක් ආරම්භ කිරීමේ උත්සවයකට පැමිණෙම උතුරු කොරියානු නායක කිම් ජෝඋන් මහතා, පීත්ත පටියක් කපා හරිමින් එම ආයතනය විවෘත කළ අවස්ථාව දැක්වෙන ඡායාරූප මෙසේ ප්‍රසිද්ධ කර තිබේ.

දැන්වීම

මෙම ආයතනයෙන් එරට කෘෂි කර්මාන්තයට සහ රසායනික කර්මාන්තයට සිදු කෙරෙන සේවය සම්බන්ධව තමා අතිශය සතුටු වන බව ද උතුරු කොරියානු නායක කිම් ජෝඋන් මහතා එහිදී පවසා තිබේ. 

උතුරු කොරියානු නායක කිම් ජෝඋන් මහතා අදාළ  ආයතනය විවෘත කිරීමේ උත්සවයට පැමිණ තිබෙන්නේ සිය සොහොයුරිය සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් සමග වන අතර ඔහුගේ පැමිණීමත් සමග එම ආයතනයේ සේවක සේවිකාවන් ඔහු ඉතා උණුසුම්ව, ආදරයෙන් සහ ගෞරවයෙන් පිළි ගෙන ඇත්තේ අත්පොලසන්, ප්‍රීති ඝෝෂා සහ ඔල්වරසන් හඩ මධ්‍යයේය.

උතුරු කොරියානු නායක කිම් ජෝඋන් මහතා මිය ගොස් ඇතැයි බොහෝ රටවල්, පුද්ගලයින් සහ ආයතන පවසද්දී  ඔහු මිය ගොස් නොමැති බව මීට දින කිහිපයකට පෙර මම ඔබ හමුවේ සපථ කර සිටී බව සිහිපත් කරමි. 

උතුරු කොරියානු නායකයා යළි උපදියි

උතුරු කොරියානු නායකයා යළි උපදියි

(ජෝෂප් ඩයස්)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න