අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ බිඳනොවැටුණු ඉරාන ආධ්‍යාත්මය

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ බිඳනොවැටුණු ඉරාන ආධ්‍යාත්මය

(රටේ රාළ) ඉරාන - ඊශ්‍රායල යුද්ධය තමයි දැන් ලාංකීය සමාජය ඇතුලෙත් ප්‍රධාන දේශපාලන මාතෘකාව බවට පත්වෙලා.අඛණ්ඩව හත්වෙනි දිනය දක්වාත් ඇදිලා ගිය යුද්ධයේ අලුත්ම තත්වය ගැන හරි තක්සේරුවක් ගොඩක් අයට නෑ.ඇත්තටම…

(රටේ රාළ)

ඉරාන - ඊශ්‍රායල යුද්ධය තමයි දැන් ලාංකීය සමාජය ඇතුලෙත් ප්‍රධාන දේශපාලන මාතෘකාව බවට පත්වෙලා.අඛණ්ඩව හත්වෙනි දිනය දක්වාත් ඇදිලා ගිය යුද්ධයේ අලුත්ම තත්වය ගැන හරි තක්සේරුවක් ගොඩක් අයට නෑ.ඇත්තටම ඒක තක්සේරු කරන එක ලේසිත් නෑ.මේ යුද්ධයේ ජය පරාජය තවමත් කාටද කියලා කියන්න කිසිකෙනෙකුට බෑ.සමහරු නං ඉරානය කුඩුපට්ටම් කරලා දාලා ඉවරයි,තවත් සමහරු ඊශ්‍රායල විනාශ කරලා දාලා ඉවරයි.

මේ යුද්ධය කෙටි කාලයක් ඇතුලත ඉවර කිරීමේ සුදානමකින් තමයි ඊශ්‍රායලය කිසිම ප්‍රකෝප කිරීමක් ඉරානය පැත්තෙන් නොකර තියෙද්දී සහ කිසිම අනතුරු ඇඟවීමකින් තොරව පහර දුන්නේ. ඇත්තටම ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානය අන්දුන්කොන්දුන් වෙලා ගියා වගේම ඉරාන සමාජය දැඩි තිගැස්මකට ලක්වුනා.ඉරාන ජනතාව ඇතුලේ බයටත් වඩා වර්ධනය උනේ කෝපය කිව්වොත් තමයි හරියටම හරි.

එකවරම තමන්ගේ රටේ ඉහලම හමුදා නායකත්වය සහ තමන්ගේ රටේ හිටිය කිර්තිමත් න්‍යෂ්ටික විද්‍යාඥයින් දුසිමකට වැඩි පිරිසක් ඝාතනයවීම ඉරානය සමාජයට දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඊශ්‍රායලයේ මේ ප්‍රහාරයෙන් බටහිර උදම් ඇණුවේ ඉරානය ඉවරයි කියලයි.ආයෙත් ඉරානයක් නැත කියලයි.ඒ ප්‍රහාරය කොච්චර දරුණුද කියනවා නම් එකවරම ඉරානයට සියල්ල නැතිවුනා.ඉරාන න්‍යෂ්ටික පහසුකම් විනාශ වුනා.

දැන්වීම

ඉරාන හමුදා ඉලක්කවලට පහර එල්ලවෙලා විනාශවුනා.ඉරානය රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල ප්‍රමාණයක් මරණයට පත්වුනා.ඉරානය ඇතුලට රිංගපු මෝසාඩ් ඔත්තුකරුවන් ඇතුලේ ඉඳන් ටෙහෙරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කළා වගේම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට අවශ්‍ය පුද්ගල ඉලක්ක ටික හොයලා දුන්නා.මේ සියල්ලත් එක්ක හිතදීදී ඔයාලටත හිතෙන්නේ ඉරානය ඉවරයි කියලා තමයි.හැබැයි මේ පරාජය දරාගෙන ඉරානය පැය කීපයක් ඇතුලත ප්‍රතිසංවිධානවෙලා ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා.

ඒකෙන් එක දෙයක් අපිට පැහැදිලියි,ඊශ්‍රායල භෞතිකව මොන තරම් දරුණු පහරදීමකට ඉරානය ලක් කළත් ඊශ්‍රායලයට ඉරාන ආධ්‍යාත්මයට පහරදීලා වට්ටන්න බැරිවුනා.රටේ රාළ මේ යුද්ධය සම්බන්ධව ලියපු පළවෙනි ලිපියෙන් ඉරාන මිනිසා ගැන කිව්වා.ඇත්තටම ඉරාන ජාතිකවාදය කියන්නේ ශක්තිමත් එකක්. ඒකට පදනම වැටිලා තියෙන්නේ ඉස්ලාමිය ආගමෙන්.ඉරාන ජාතිකවාදය පෙරටු කරගත්ත සමාජ ව්‍යාපායක් ඉරානයේ තියනවා.ඒක හැම අතින්ම ශක්තිමත් එකක්.

ඉරානය ආධ්‍යාත්මය කියන්නේ පහසුවෙන් යටත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.ගොඩක් අය ඉරානය මුස්ලිම් අන්තවාදී රාජ්‍යයක් විදිහට ලේබල් කරනවා.ඇත්තටම මැදපෙරදිග කලාපය ඇතුලේ මුස්ලිම් අන්තවාදී සංවිධාන ගොඩ නගලා පෝෂණය කළේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරයි.ISIS කියන්නේ එහෙම ගොඩනගපු සංවිධානයක්.ISIS ලා Anty American විදිහට හිටියට එයාලා ඇමරිකාවට කිකරු සහ ඇමරිකාව විසින් ගොඩනගපු සංවිධානයක්.

ISIS ලා එක්ක සටන් කලේ සිරියාව සහ ඉරානය වගේ රටවල්.අදත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර මැදිහත් වෙලා ISIS බළල් අතකට සිරියාවේ බලය අරන් දීලා තියනවා.ආයෙත් අපේ මාතෘකාවට ආවොත් ඊශ්‍රායල දැන් තමන්ගේ ප්‍රහාරවල උපරිමයට ඇවිත් තියනවා.තවත් එයාලට කරනවා නම් කරන්න තියෙන්නේ ඉරාන ආධ්‍යාත්මික නායකයා ඝාතනය කරන එකයි.මතුපිටින් ඊශ්‍රායල කළ විනාශයට වඩා විශාල ගැඹුරක් ඉරානයේ තියෙන බව දැන් ඊශ්‍රායලයටත් අවබෝධවෙලා ඇති.

ඇත්තටම ඉරානය ඊශ්‍රායලයේ ආක්‍රමණයකට ලෑස්තිවෙලා හිටපු රටක්.ඒක නිසාම මතුපිට වඩා භූගතව එයාලා ලොකු සූදානමක හිටියා.දැන් මහ පොළොව උඩත් එක්ක හැපුණ ඊශ්‍රායලයට මහ පොලොව යටත් එක්ක හැපෙන්න බැරිව තටමමින් ඉන්නවා.එයාලා ඉරාන මහ පොළොවේ ගැඹුරේ තියන පහසුකම්වලට පහර දෙන්න ඇමරිකාවේ සහය බලා පොරොත්තු වෙනවා.දැන් ඉරානය පහරදීමට අවශ්‍ය පරිසරය හදාගන්න ඩොනල්ඩ් ට්‍රම්ප් පිස්සෙක් වගේ උත්සහ කරන බව පේනවා.

ඇමරිකාව සතු බන්කර් බ්ලාස්ටර් බෝම්බ B - 52 ගුවන් යානාවලින් ගෙනත් ඉරානයට දාන්න ඇමරිකාව ට්‍රයි කරනවා.දැන් ඊශ්‍රායල ගුවන් බලය උපරිමය කරලා ඉවරයි.හැබැයි ඉරානය බැලස්ටික් මිසයිල සහ හයිපොසොනික් මිසයිල ගබඩාව තවමත් උපරිමය කරලා නෑ.දැනට ඊශ්‍රායලට එල්ල කරලා තියන ඉරාන බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර ඊශ්‍රායල ගුවන් ආරක්‍ෂක පද්ධතියට දරා ගන්න බෑ.ඊශ්‍රායල මහා ලොකුවට උදම් අනපු අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉරාන මිසයිල ඉස්සරහා කැටපෝලයක් සයිස් එකට වැටිලා.

දැනට ඉරාන මිසයිලවලට මුහුණ දෙන්න හැකියාව සහිත ගුවන් ආරක්‍ෂක මිසයිල පද්ධතිය බවට පත්වෙලා තියෙන්නේ ඇරෝ 03 මිසයිල ආරක්ෂණ පද්ධතියයි.ඒත් ඒවාට සදහා යොදන ප්‍රති මිසයිලවල බරපතල හිගයක් නිර්මාණය වෙලා තියනවා සහ ඒවාට යන අධික වියදම දරා ගන්න බැරිව තියනවා.ඒ වගේම ඊශ්‍රායල ගුවන් ආරක්‍ෂණ පද්ධතියට දරා ගැනීමේ හැකියාව වේගයෙන් ගිලිහෙමින් යනවා.ඒක නිසා ඇමරිකාව මැදිහත්වෙලා ඉරානය විනශ කිරීමේ මෙහෙයුමක අවධානම තියෙනවා.

යම් විදිහකින් ඇමරිකානු මැදිහත්වීම නතර කරන්න රුසියාව සහ චිනයට හැකියාව ලැබුනොත් ඊශ්‍රායල බරපතල අර්බුදයකට යනවා.ඉරානය දිගු කාලීන යුද්ධයකට සුදානම් උනත් ඊශ්‍රායලට දිගුකාලීන යුද්ධයක් අදින්න බෑ.ඇමරිකාව එහෙම උදව් කරන්නත් බෑ.ඒක නිසා ඉරානයට ඉක්මන් ඇමරිකානු ප්‍රහාරයක අවධානමක් තියනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ බිඳනොවැටුණු ඉරාන ආධ්‍යාත්මය | Lanka Newsweek