අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 44ක් මරුට

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 44ක් මරුට

(හේමන්ත තුසිත කුමාර) බදාදා(08) ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තවත් 80කට ආසන්න පිරිසක් තුවාල ලැබීය. ජකර්තා අගනුවරට සැතපුම් 25 ක් පමණ බටහිර දෙසින් පිහිටි…

(හේමන්ත තුසිත කුමාර)

බදාදා(08) ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තවත් 80කට ආසන්න පිරිසක් තුවාල ලැබීය. ජකර්තා අගනුවරට සැතපුම් 25 ක් පමණ බටහිර දෙසින් පිහිටි ටැන්ජරැන්ග්  බන්ධනාගාරයේ ඇති වූ ගින්නට හේතුව තවමත් පරීක්‍ෂා කරන බව බන්ධනාගාර අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශිකාව පැවසුවාය.

නමුත් ජකර්තා පොලිසිය පැවසුවේ බන්ධනාගාරයේ විදුලි පද්ධතියේ ඇති වූ  පරිපථ දෝෂයක් හේතුවෙන් මෙය සිදු වන්නට ඇතැයි සැක කරන බව ය.මියගිය සියල්ලන්ම බන්ධනාගාර රැඳවියන් ය.ගින්න පැතිර යන අවස්ථාවේ සිරකරුවන් ඔවුන්ගේ සිර කුටිවල අගුලු දමා සිරවී සිටියහ.

බලධාරීන් පවසන පරිදි අළුයම 1.45 ට ගින්න හට ගෙන ඇති අතර මිනිත්තු 13ක් ඇතුලතදී ගිනි නිවන රථ 12ක් ද පැමිණ ඇත. ඔවුන් පැමිණෙන විටත් ගින්න දරුණු ලෙස පැතිරී තිබුණු අතර ගින්න නිවා දැමීමට පැය එකහමාරක් පමණ ගතවිය.

ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 44ක් මරුටඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 44ක් මරුටඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 44ක් මරුට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න