අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉන්දුනීසියා ඡන්ද විමසීම අද ඇරඹේ..!

ඉන්දුනීසියා ඡන්ද විමසීම අද ඇරඹේ..!

ඉන්දුනීසියා මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (17) ආරම්භ වුණා. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණය යන තුනම එකම දිනක පැවැත්වෙන පළමු අවස්ථාව වන බැවින් මෙය ඉන්දුනීසියාවට විශේෂ…

ඉන්දුනීසියා මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද (17) ආරම්භ වුණා.

ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය මැතිවරණය යන තුනම එකම දිනක පැවැත්වෙන පළමු අවස්ථාව වන බැවින් මෙය ඉන්දුනීසියාවට විශේෂ මැතිවරණයක් වේ.

ලොව විශාලතම මුස්ලිම් බැතිමතුන් පිරිස සහිත රට වන ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 260 අතර මෙවර  මැතිවරණයට ඡන්දය භාවිතා කිරීමට  ඡන්දදායකයින් මිලියන 192 සුදුසුකම් ලබා තිබේ.

දැන්වීම

මැතිවරණයට දේශපාලන පක්ෂ 16 තරඟ වදින අතර ඡන්ද මධ්‍යස්ථාන 805,075ක් පිහිටුවා ඇති බව ද වාරතා වේ. තව ද ජාතික සහ ප්‍රාදේශිය ආසන 20,000ක් වෙනුවෙන් අපේක්ෂකයින් 245,000ක නියෝජිතයින් පිරිසක් ද තරඟ වදිනු ඇත.

මෙවර ඉන්දුනීසියානු  ජනාධිපතිවරණ සටන  , ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සහ හිටපු හමුදා ජෙනරාල්වරයකු වන ප්‍රබෝවෝ සුබියන්තෝ අතර පවතින බව විදේශ වාර්තා වල සඳහන් වේ.

බොහෝ දුරට මෙවර ජනාධිපතිවරණයෙන්  ජෝකෝ විඩෝඩෝ ජය ගැනීමට වැඩි ඉඩක් පවතින බවට විශ්වාසය පළ කරමින් මාධ්‍ය වාර්තා ඉදිරිපත් වී ඇත.

කෙසේ වෙතත් ලබන මාසයේදී මෙහම  මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ඉන්දුනීසියා මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න