අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉන්දු-චීන සබඳතා යහපත් වෙලා..!

ඉන්දු-චීන සබඳතා යහපත් වෙලා..!

ඉන්දියාව සහ චීනය අතර සබඳතා යහපත් අතට හැරී ඇතැයි චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හි ප්‍රකාශ කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වීමෙන් පසු ඔහු ඒ බව ප්‍රකාශ කර තිබේ.ඉන්දියාව සහ චීනය අතර…

ඉන්දියාව සහ චීනය අතර සබඳතා යහපත් අතට හැරී ඇතැයි චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග්හි ප්‍රකාශ කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වීමෙන් පසු ඔහු ඒ බව ප්‍රකාශ කර තිබේ.ඉන්දියාව සහ චීනය අතර මිත්‍රත්වය ඈත අතීතය දක්වා විහිද යන බවත් ඉදිරියේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බවත් ඔහු එහිදි සඳහන් කර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චීනයේ නිල නොවන සංචාරයක නිරත වූ අතර එහිදි ඔහු චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමු වී සාකච්ඡා පැවැත්වීය. එහිදී දෙරට අතර සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කළ යුතු බවටත් රටවල් දෙක අතර විවෘත සාකච්ඡා පැවැත්විය යුතු බවටත් නායකයෝ දෙදෙනා එකඟතාවයකට පැමිණියහ.

දෙරටට මායිම්වන හිමාලයානු දේශසීමාවේ ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දෙරට අතර යුද්ධයක් ද ඇතිවීමේ අවදානමක් තිබුණු පසුබිමක නායකයෝ දෙදෙනා එසේ හමු වී සාකච්ඡා පැවැත්වූහ.

වසර 1962 ඇති වූ කෙටි යුද්ධයත් දේශසීමා අර්බුදත් නිසා ආසියානු කලාපයේ බලවතුන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව අතර තවමත් නොහොඳ නෝක්කාඩු පවතී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න