අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දීය ප්‍රවීණ සරෝද් වාදන ශිල්පීන් තිදෙනෙකු එකම වේදිකාවක..!

ඉන්දීය ප්‍රවීණ සරෝද් වාදන ශිල්පීන් තිදෙනෙකු එකම වේදිකාවක..!

උස්තාද් අම්ජාඩ් අලි ඛාන්, අයාන් අලි බන්ගාෂ් සහ අමාන් අලි බන්ගාෂ්..! ඉන්දීය 70 වැනි ජන රජ දිනය උත්සවාකාරයෙන් සැමරේ..! ඉන්දියාවේ 70 වන ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය…

 උස්තාද් අම්ජාඩ් අලි ඛාන්, අයාන් අලි බන්ගාෂ් සහ අමාන් අලි බන්ගාෂ්..!

ඉන්දීය 70 වැනි ජන රජ දිනය උත්සවාකාරයෙන් සැමරේ..!

ඉන්දියාවේ 70 වන ජනරජ දිනය නිමිත්තෙන් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් සංවිධානය කෙරෙන විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් සිකුරාදා (25) සවස 6.45 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

එහිදී ඉන්දීය  ප්‍රවීණ සරෝද් වාදන ශිල්පීන් වන උස්තාද් අම්ජාඩ් අලි ඛාන්, අයාන් අලි බන්ගාෂ් සහ අමාන් අලි බන්ගාෂ් යන මහත්වරුන් සිය දක්ෂතා දක්වන අතර මේ ප්‍රසංගය එම ප්‍රවීණ ශ්‍රී ලංකාවේ පවත් වන සිය  ප්‍රථම සංගීත ප්‍රසංගය වේ.සත්‍යජිත් තවල්කාර් සහ ශුභ් මහාරාජ් යන ප්‍රවීණ වාදන ශිල්පීහූ ද  මෙම ප්‍රසංගය සඳහා සහභාගී වෙති.

20 වන ශත වර්ෂයේ ප්‍රවීණ සරෝද් වාදන ශිල්පියෙකු වන උස්තාද් අම්ජාඩ් අලි ඛාන් සිය පවුලෙන් මෙම හැකියාව උරුම කර ගත් හය වෙනි පරම්පරාවට අයත් වන්නෙක් වන අතර ඔහු  ඉන්දීය රජය මගින් පිරිනැමෙන පද්ම විභූෂණ සම්මානයෙන් ද, යුනෙස්කෝ සහ යුනිසෙෆ් වෙතින් පිරිනමන ජාත්‍යන්තර සම්මානවලින් ද පිදුම් ලැබූවෙක් වේ.

සිය පියාගේ උරුමය ඉදිරියට ගෙන යමින් අයාන් අලි බන්ගාෂ් සහ අමාන් අලි බන්ගාෂ් ඉතාම ළාබාල වියේදීම  ඔවුන්ටම අවේණික වූ සුවිශේෂී හඬක් ගොඩ නඟා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාල මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ නිවාස, ඉදිකිරීම් සහ  සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වගේම කොළඹ  ටාජ් සමුද්‍රා හෝටලයේ සහයෝගය ඇතිවය.

මෙම ප්‍රසංගය නොමිලයේ පැවැත්වෙන අතර  ප්‍රවේශ පත්‍ර සීමිත ප්‍රමාණයක් විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි අතර  වැඩි විස්තර දුරකථන අංක 0112684698 සහ [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ලබා ගත හැක.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න