අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉදිරියේ දී බලපෑ හැකි එල්නීනෝ තත්ත්වයෙන් සතුන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුයි

ඉදිරියේ දී බලපෑ හැකි එල්නීනෝ තත්ත්වයෙන් සතුන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුයි

- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා - අප රටේ වන අලින්ට සහ කොටින්ට දේශගුණ විපර්යාස සහ වෙනස්වීම් බලපාන ආකාරය ගැන හොඳ පැහැදිලි කිරීමක් සිදු කළා සේ සතුන්ට එල්නීනෝ තත්ත්වයෙන් සිදුවන බලපෑම ගැන තවදුරටත් සොයා…

 - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා -

අප රටේ වන අලින්ට සහ කොටින්ට දේශගුණ විපර්යාස සහ වෙනස්වීම් බලපාන ආකාරය ගැන හොඳ පැහැදිලි කිරීමක් සිදු කළා සේ සතුන්ට එල්නීනෝ තත්ත්වයෙන් සිදුවන බලපෑම ගැන තවදුරටත් සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි. ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා කටයුතු කරනු ලබයි.

එසේම නිශ්චිත තෘණ භූමි සතුන්ට සකස් කර දිය යුතු බවත් ලුණුගම්වෙහෙර දකුණ ඉවුරේ මේ තෘණ භූමි තිබූ බවත් මේවා විවෘත කළ යුත්තේ සතුන්ට අවශ්‍ය ආහාර සහ ජල අවශ්‍යතා සපුරමින් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

ඉදිරියේ දී බලපෑ හැකි එල්නීනෝ තත්ත්වයෙන් සතුන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද සොයා බැලිය යුතුයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න