අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

සෞඛ්‍ය

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට කෝට් 1750 ක නොමිලයේ ඖෂධ

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට කෝට් 1750 ක නොමිලයේ ඖෂධ

ඇමෙරිකානු තානාපති මහින්දගේ උත්සාහයේ ප්‍රතිළුලයක් (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට ආයතන තුනකින් 2022 ජූලි සිට මේ දක්වා ඇමරිකානු ඩොලර්…

ඇමෙරිකානු තානාපති මහින්දගේ උත්සාහයේ ප්‍රතිළුලයක්
    

 (අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලීම මත එරට ආයතන තුනකින් 2022 ජූලි සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 53 .9 ක එනම් රුපියල් කෝටි 1750 ක ඖෂධ සහ වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට නොමිලයේ පරිත්‍යාග කොට තිබේ.

ශ්‍රී ලංකාව ආර්ථික ලෙස පසුබෑමකට ලක්ව සිටියදී "Heart to Heart International" වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 46.8 ක ද, ඇමරිකැරීස් වෙතින් ඩොලර් මිලියන 4.4 ක සහ හෝප් වර්ල්ඩ් වයිඩ් වෙතින් ඩොලර් මිලියන 2.7 ක ද, පරිත්‍යාග ලබාදී තිබේ.

එම සැපයුම් අතර වේදනා නාශක ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, රුධිර පීඩන ඖෂධ, හෘද රෝග ඖෂධ, විශාදය ඇතුළු මානසික රෝග සඳහා ලබා දෙන ඖෂධ, ඉන්ද්‍රිය බද්ධය සඳහා ප්‍රතිශක්ති ඖෂධ, ඔන්කොලජි පිළිකා ඖෂධ, ඇදුම සේම හුස්ම ගැනීමේ අපහසුතාවලට ලබා දෙන ඖෂධ, කිරි දෙන මව්වරුන්ට අවශ්‍ය විටමින, මන්ද පෝෂිත මව්වරුන්ට පෝෂණ අතිරේක, නිදන්ගත රෝග රැසකට ලබා දෙන ඖෂධ සහ කැතීටර්, සිලින්ජර, අත්වැසුම් ආදී වෛද්‍ය සැපයුම් වේ.  

දැන්වීම

මේ ඖෂධ ඇමෙරිකාව ඇතුළු දියුණු රටවල නිපදවූ ප්‍රමිතියෙන් ඉහළ සහ අධික මිල ඖෂධවීම ද විශේෂත්වයක් වන අතර මෙම සැපයුම් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ජනතාවට නොමිලයේ  ලබාදීමට පියවර ගෙන තිබේ.

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට කෝට් 1750 ක නොමිලයේ ඖෂධ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න