ඇමෙරිකාව පැයකින් Reverse යයි..!

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවට සීත සෘතුව ළඟා වෙමින් තිබෙන පසුබිමක ඇමෙරිකානු රජය සුපුරුදු ලෙස 2023 නොවැම්බර් 05 වැනිදා පාන්දර 2.00 ට සිය රටේ වෙලාව පැයකින් ඉරියට කරකවා තිබේ. සෑම වසරකම…
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)
ඇමෙරිකාවට සීත සෘතුව ළඟා වෙමින් තිබෙන පසුබිමක ඇමෙරිකානු රජය සුපුරුදු ලෙස 2023 නොවැම්බර් 05 වැනිදා පාන්දර 2.00 ට සිය රටේ වෙලාව පැයකින් ඉරියට කරකවා තිබේ.
සෑම වසරකම නොවැම්බර් මස පළමු සතියේ ඉරිදා රාත්‍රියේ මෙම ක්‍රියාව සිදු වන අතර සීත සෘතුව උදාවීමත් සමග ඇති වන ඉර නැගීම බැසීමේ පරාස, අඳුරු සහ වැසි සේම හිම අධික බව සලකා මෙම තීන්දුව ගනු ලබයි.
මෙම නව වෙලාව ඇමෙරාකාවේ රජයේ සහ පෞද්ගලික අංශයට සේම අන්තර්ජාතික වෙළෙඳ ව්‍යාපාරික සහ දේශපාලනික සමාජයීය ආදී සෑම ක්ෂ්‍රේත්‍රයකටම නිල ලෙස බලපායි. එහෙත් මෙම වෙලාව මාරු කිරීම ඇරිසෝනා සහ හවායි ප්‍රාන්ත දෙකට බල නොපාන අතර ඔවුහු සුපුරුදු වෙලාව තම දෛයිනික කටයුතු සදහා පාවිච්චි කරති.
පැයකින් ඉදිරියට ගෙනා ඇමෙරිකාවේ නිල වේලාව සෑම වසරකම මාර්තු මස දෙවන සතියේ ඉරිදා අලුයම 2.00 ට යළි තිබුණු සාමාන්‍ය වෙලාව දක්වා පැයක් ආපස්සට ගෙන යනු ඇත.