අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඇමෙරිකානු පුරවැසිකමට ඩොලර් මිලියනයයි

ඇමෙරිකානු පුරවැසිකමට ඩොලර් මිලියනයයි

රු 31 කෝටි 46 ලක්ෂයක් තිබේ නම් ඇමෙරිකානු පුරවැසිකම අතේ..! (අශෝක ජයතුංග) ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා නමින් නවතම වීසා ක්‍රමයක් හරහා ග්‍රීන්කාඩ් ලට වඩා ශක්තිමත් හා වරප්‍රසාද සහිතව ඇමෙරිකාවේ පුරවැසිකම ලබා…

රු 31 කෝටි 46 ලක්ෂයක් තිබේ නම් ඇමෙරිකානු පුරවැසිකම අතේ..!

(අශෝක ජයතුංග)

ට්‍රම්ප් ගෝල්ඩ් කාඩ් වීසා නමින් නවතම වීසා ක්‍රමයක් හරහා ග්‍රීන්කාඩ් ලට වඩා ශක්තිමත් හා වරප්‍රසාද සහිතව ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගැනීමේ ක්‍රමයක් හදුන්වාදීමට ට්‍රම්ප් පාළනය පියවර ගෙන තිබේ.

trumpcard.gov හරහා මේ සදහා ලියාපදිංචි විය හැකි අතර ඒ සදහා ඩොලර් 15,000 ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රු ලක්ෂ 46 ක්) අය කෙරේ. අනතුරුව සිදුකරන සම්මුඛ පරීක්ෂණය හා අයදුම්කරුගේ පසුබිම සොයා බැලීමෙන් පසුව ඩොලර් මිලියනයක මුදලක් (රු කෝටි 31 ක්) ඇමෙරිකානු රජයට ගෙවීමෙන් පසු මෙම ටුම්ප් ගෝල්ඩ් කාඩ් අයිතිවාසිකම ලැබේ. 

මේ වනවිට 11,000 කට අධික පිරිසක් ලියාපදිංචිය ලබා ඇත අතර එය නුදුරු අනාගතයේ දී 25,000 ට ආසන්න වනු ඇති බවට අනුමාන කෙරේ. ලොව අධික මුදල් සහිත පිරිස් ඇමෙරිකාවට ඇදගැනීම හා ඔවුන්ගේ මුදල් එරට තුළ ආයෝජනයට දිරි ගන්වා ඇමෙරිකානු ආර්ථිකය තවත් ශක්තිමත් කිරීම මෙම ක්‍රියාවලයේ අරමුණ බව පැවසේ.

තවද ඇමෙරිකානු සමාගමකට විශේෂ විදෙස් සේවකයෙකු බදවා ගැනීමට අවශ්‍ය නම් රජයට ඩො මිලියන 02 ක් ගෙවීමෙන් ඒ සදහා ඉතා පහසුවෙන් ඉඩ ප්‍රස්තා විවර කරගැනීමේ ක්‍රමයක් ද හදුන්වාදී තිබේ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න