ඇමරිකානු ඩොලර් ලක්ෂ 25 ණය වාරිකය රටට අහිමි වූයේ Cyber ආරක්ෂණ ගැටලු සේම පරිපාලන දුර්වලතා නිසා

- විපක්ෂ නායක හෙළි කරයි - රජය පෙන්වා දුන් ආකාරයට වෘත්තීමය ආකාරයේ වපසරිය තුළ ලබා දුන් වාර්තාව අනුව ඇ. ඩොලර් ලක්ෂ 25 අස්ථානගත වීම සයිබර් අපරාධයක්, පාලන ගැටලුවක්, ක්‍රියාපටිපාටි ගැටලුවක් සහ මෙහෙයුම්…
- විපක්ෂ නායක හෙළි කරයි -
රජය පෙන්වා දුන් ආකාරයට වෘත්තීමය ආකාරයේ වපසරිය තුළ ලබා දුන් වාර්තාව අනුව ඇ. ඩොලර් ලක්ෂ 25 අස්ථානගත වීම සයිබර් අපරාධයක්, පාලන ගැටලුවක්, ක්‍රියාපටිපාටි ගැටලුවක් සහ මෙහෙයුම් ගැටලුවක් බවත් මෙරට විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලියේ දුර්වල පාලනයක් තිබූ බවට ද මෙහි සඳහන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
බංකොලොත් අප රටේ බදු බර පටවා ජිවන බර පටවා දුප්පත්කම වැඩි වී විරැකියාව වැඩි වී කර්මාන්ත කඩන් වැටෙන මොහොතක ඩොලර් ලක්ෂ 25 ගෙවන්න බැරි රජයක් ඇති බවත් ණය නැවත ගෙවීම සිදු වූයේ මහබැංකුව කේන්ද්‍ර කර ගෙන වුවත් මෙය නව පනත හරහා වෙනස් වී ණය ගෙවීමේ කාර්යාලයට ඒ වගකීම දුන් බවත් මේ සංක්‍රාන්තික කාලයේ අන්තර්කාලීන විධිවිධාන හදාගන්න රජයට නොහැකි වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
මහ බැංකුවත් මහා භාණ්ඩාගාරයත් එක මතයක නෑ
මෙය සයිබර් ප්‍රහාරයක් පමණක් නොවන බවත් මේ ගැටලුව ගැන මහා භාණ්ඩාගාරයට සහ මහ බැංකුවේ අධිපතිවරයාට එක මතයක නොමැති බවත් මේ ආයතන 2ට එක තැනක එක මතයක සිට වැඩ කළ නොහැකි නම් අප රටේ ආර්ථිකයට වෙන දේ හිතාගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ නිසා අප රටේ ණය ගෙවීම ගැන අවිශ්වාසයක් ඇති වෙනවා
දුර්වල රහස් පද භාවිතය, වගකීම් පැහැදිලි නොවීම නිසා සයිබර් ආරක්ෂණ අවදානම නිර්මාණය වී ඇති බවත් ව්‍යාජ විද්‍යුත් පණිවිඩ ඩොමේන් භාවිතයට මෙයට මුල් වුවත් මේ අඩුපාඩුවලින් මිදීමට අවශ්‍ය නිර්දේශ පවා හරියට ක්‍රියාත්මක කර නොමැති බවත් ණය ගිවිසුම් පරීක්ෂා කිරීම, මිල සන්නිවේදන මාර්ග තහවුරු කිරීම, බැංකු ගිණුම් තොරතුරු තහවුරු කිරීම ආදිය සිදුව නොමැති බවත් 2026 ජනවාරි මාසයේ ඉන්දියාවේ එක්සින් බැංකුවට අදාළ ගෙවීමේ දී මෙවැනි සැකසහිත ගැටලුවක් මතුව ඇති අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවත් මේ සිදුවීම් නිසා අප රටේ ණය ගෙවීම් කටයුතු සම්බන්ධයෙන් අවිනිශ්චිචතාවක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වත් මේකෙන් පාඩමක් ඉගෙන ගන්න
වෘත්තිමය වපසරිය තුළ මේ වාර්තාව පිළිගන්නා නිසා බංග්ලාදේශය, ඉක්වදොර්ය, වියට්නාමය, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල මෙවැනි දේවල් සිදුව ඇති නිසා ඒවායින් පාඩමක් ඉගෙන ගන්න ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටට ඇති ලොකුම බිම් බෝම්බය IMF ඉලක්ක අභිබවා බදු ගැසීමයි
රටට ඇති ලොකුම බිම්බෝම්බය වන්නේ IMF එක කියන ප්‍රමාණයට වඩා වැඩි බදු මුදලක් පැටවීම බවත් 2.3% සිට 5.4% දක්වා ප්‍රාථමික ශේෂය ඉහළ දමා IMF එකේ ගෝලයන් බවට රජය පත් ව ඇති බවත් විපක්ෂයේ සිටින විට නිර්ධන පන්තිය ගැන කතා කළත් දැන් මේ රජය IMF රූකඩ බවට පත්ව ඇති බවත් මේ නිසා රටේ ජීවන බර උද්ධමනය අඩු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය කටයුතු කරන්නෙම වැරදි දත්ත මත
රටේ උද්ධමනය වැඩිව තියෙද්දි රු. 17000ක් මාසයක් ජිවත් වෙන්න ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන බවත් මේ බොරු දත්ත මත කටයුතු කරන රජයට අද දුප්පත්කම තුරන් කරන්න වැඩපිළිවෙළක් නොමැති බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විනාශ කිරීම සේම ඉන්ධන මාෆියාව සුරකින්න සූර්ය බලශක්තිය විනාශ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මුළු ජන සමාජයම අසීමිත පීඩනයක ඉන්නේ
මේ බදු බර පටවන විට ව්‍යවසායකත්වය බිද වැටෙන බවත් මෙය සංචාරක කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බලපාන බවත් ජන සමාජයේ නූපන් දරුවා ගර්භනී මවගේ සිට සෑම පුරවැසියකු දක්වා මේ බදු බර අසීමිත පීඩනයක් නිර්මාණය කරන බවත් දැන්වත් රජය පොරොන්දු වූ පොහොසත් රට ලස්සන ජීවිතය අයි එම් එෆ් බදු ඉලක්කයට වඩා ගොස් වැඩි බදු බර පටවා නිර්මාණය කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
