ඇමරිකානු ජනපති Hamas සංවිධානයට සිය අවසන් අනතුරු ඇඟවීම නිකුත් කරයි

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා "Hamas" සංවිධානය වෙත සිය අවසාන අනතුරු ඇඟවීම සිදු කර තිබේ. ඒ අනුව සිය අවසන් කොන්දේසි "Hamas" සංවිධානය මගින් පිළී ගත යුතු…
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා "Hamas" සංවිධානය වෙත සිය අවසාන අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
ඒ අනුව සිය අවසන් කොන්දේසි "Hamas" සංවිධානය මගින් පිළී ගත යුතු අතර එසේ නොපිළි ගන්නේ නම් එහි ප්‍රතිවිපාක සම්බන්ධව තමා "Hamas" සංවිධානයට මීට පෙර සිටම අනතුරු අඟවා ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කර සිටියි.
එමෙන්ම මෙම අනතුරු ඇඟවීම තමාගේ අවසන් අනතුරු ඇඟවීම වන අතර මීට පසු "Hamas" සංවිධානය වෙත එමෙන්ම මෙම අනතුරු ඇඟවීම තමාගේ අවසන් අනතුරු ඇඟවීම වන බවත් මින් ඉදිරියට තවත් අනතුරු ඇඟවීම් සිදු නොකරන බවද බවද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මෙසේ අනතුරු අඟවා ඇත්තේ, සිය "Truth Social" ගිණුමේ විශේෂ සටහනක් තබමින් වන අතර වැඩි දුරටත් ඔහු කියා සිටින්නේ, සියල්ලන්ටම අවශ්‍ය මෙම යුද්ධය අවසන් වනු දැකීම බවත් ඊශ්‍රායලය මේ වන විටත් තමාගේ කොන්දේසි පිළිගෙන ඇති බවත්ය.