ආණ්ඩුව දෙදරයි-එජාප භුතයින් අනාථයි-රනිල්-සජිත් එකතු වෙති

"අපි නොදන්න රනිල්" අභියෝගය "lankanewsweek" වෙතින් (සුජිත් මංගල ද සිල්වා) මේ මොහොත වන විට නම් හිටපු ජනපති-එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සේම සමගි ජන බලවේගයේ නායක සජිත්…
"අපි නොදන්න රනිල්"
අභියෝගය "lankanewsweek" වෙතින්
(සුජිත් මංගල ද සිල්වා)
මේ මොහොත වන විට නම් හිටපු ජනපති-එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සේම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යන යන මහත්වරුන් අතර සාධනීය දේශපාලන එකඟතාවයක් ගොඩනැගෙමින් පවතයි.
මෙහි විශේෂත්වය වන්නේ තෙවැනි පාර්ශවයක් සමග "DEAL" නොකර රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ම මේ පක්ෂ දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීමට තීරණය කර තිබීම වන අතර දෙපාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වීමට නියමිත.
මෙම සමගියට සහ එකඟතාවයට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දේශපාලනිකව තිගැස්සී ඇතත් තවත් එක්සත් ජාතික පක්ෂ දේශපාලන භුතයින් සිය මුල්‍ය-දේශපාලන සහ බල පැවැත්ම වෙනුවෙන් මෙම දේශපාලන සංහිඳියාව කඩාකප්පල් කිරීමට වෙර දරන බව "සුජිත් මංගල ද සිල්වා" වන මේ ලියුම්කරු සාක්කි-සාධක ඇතිව තහවුරු කර සිටිමි.
